" තමුසෙ එදා අර ටවුන් එකේ මල් පෝච්චියක් බින්දෙ හසරැල්ගෙද එතකොට? "
ගෞරි එහෙම අහනකොට නුවේද්ගෙ ඔලුවට ගියෙ එකම එක වචනයයි..
" හසරැල් ? එතකොට මේ පොඩි එකාගෙ නම හසරැල් ද? "
" කවුද මනුස්සයො පොඩි එකා ? හිතන් ඉන්නෙ හෙනම ලොකු අයියා කියලා වෙන්නැති.. ඒ උනාට මොකද හරියට මැනර්ස් දන්නෙ නෑ.. එනව මෙතන ලොකු පොඩිකම් කතා කරන්න.. කොහෙද දන්නෙ නෑ ලොකු"
ගෞරි උත්තර දෙන්න කලින්ම හසරැල් මැද්දෙන් පැනලා ආයෙම නුවේද්ට බැනගෙන බැනගෙන ගියා..
හැබැයි නුවේද්ගෙ මූනෙ තිබ්බ සෙල්ලක්කාර හිනාවෙන් නම් ඔය කිසිම දෙයක් ගනන් ගත්ත බවක් පේන්න තිබ්බෙ නෑ..
" බලන්න ඕනෙද ? "
නුවේද් එහෙම අහනකොට හසරැල්ටත් දැන් කට පියන් ඉන්න හිතෙන්නම නෑ..
" මොනාද ? "
" ලොකුද පොඩිද කියල ? "
ඔය අහගත්තෙ.. යසයි උබටත් කට වහන් ඉන්න බෑනෙ ගොනා ..
හසරැල් එයාටම බැනගන්නකොට ගෞරි ආයෙම කතා කරා..
" නවත්තපල්ලා යකුනේ.. ඕයි නුවේද් දැන් එතකොට තමුසෙ එදා කිව්වෙ හසරැල් ගැනද? "
" ඔව් ඔව් බන්.. "
" එහෙමද? එහෙනම් සමාව ගනින්.. මේ දැන්ම .. "
ගෞරි නිකන් අම්මා වගේ කියනකොට නුවේද්ගෙ මූන බලන්නත් ලස්සනයි ..
" මට බෑ ඕයි.. මේ සමයමගෙන් සමාව ගන්න මට පිස්සු කියල හිතුවද? "
" Just say sorry "
" මට්.. "
නුවේද්ට වචනයක්වත් කියන්න හම්බුනේ නෑ... ශොප් එකේ දොරේ තිබ්බ සීනුව වදිනව ඇහුන සද්දෙට තුන් දෙනාම ඒ පැත්ත බැලුවා. ආපු කෙනාව බලන්න ගෞරි යනකොට එතන ඉතුරු උනේ හසරැලුයි නුවේදුයි විතරයි..
හසරැල් එයාගෙ පොකට් එකේ තිබ්බ පර්ස් එක අරගෙන එදා නුවේද් දීල ගිය දාහෙ කොල දෙක අරගෙන නුවේද්ගෙ මූණට දමලා ගැහුවා..
" මෙන්න තමුන්ගෙ සල්ලි.. "
එහෙම කියල එයා එතනින් යන්න යනකොටම නුවේද් හසරැල්ගෙ වැලමිට ළඟින් අල්ලගත්තා..
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️