×ඉතින්...උඹත් ආසනැත්ද...වැහි මන්දාරමේ කාත් එක්ක හරි ඇවිදන් යන්න...+අපෝ...මාත් ගියානේ...රෝස කුඩයක වැස්ස දවසක පින්නේ....කියලා...අන්තිමට ඉතුරු වුණේ කුඩේ විතරයි....ඒකෙත් රෙද්ද ඉල්ලෙ only නන ටික ඉරුක්කු..... ඉස්සෙල්ලම ගිහින් කුඩේ විතරයි නැති උනේ....ආයෙ ගිහින් මොනා නැතිවෙයිද දන්නැ...ඒක නිසා එපා...තනියම යනවා ඔක්කොටම වඩා හොඳයි...
×උඹ තාමත් ඒක ගැන හිතනවද....ගිය එකී ගියා බන්....උබව ලබන්න ඒකිට පින නෑ...ඇරත් උබ වගේ කොල්ලෙක්ට ඒ වටේ යන අම්මන්ඩිලා ගැලපෙන්නැ බන්....අනික බොරු කර කර ළඟ ඉන්නවට වඩා ගිය එකමයි හොඳ....ඇරත් බන් එකෙක් එහෙමයි කියලා හැම එකාම එහෙම නෑනේ....දැන් උබේ වයසත් හරියාගෙන එන එකේ ඒ ගැනත් පොඩ්ඩක් හිතපන්....
+ මං ඒකි ගැන හිතන්නෑ.....ඇරත් මට එහමට කියලා ලොකූ දුකකුත් නෑ....නැතුවත් නෙවේ....මට ඒ ගැන දුක්වෙන්නවත් වෙලාවක් නෑ දැන්.....මං ඒකිට ආදරේ කරා....නිකන් නෙවේ පණ ඇරලා ආදරේ දුන්නා....පරිස්සන් කරා....කටත් වඩා මගෙන්ම....ඒත් අන්තිමට ජම්පින් ගොයින්....සමහර විට ඒකිට ආදරේ විතරක් මදි වෙන්නැති.....ඒකි මගෙන් හොයපු සැප මං නොදුන් නිසා වෙන්නැති ඒකි යන්න ඇත්තෙ...මගේ ගෙදරත් ඉන්නව කෙල්ලෙක්....ඒකිව රකිනවා වගේමයි මං අරකිවත් රැක්කෙ...අන්තිමට ඒකි මටත් කොකා පෙන්නලා ගියා....උඹ දන්නවද ඊට පහුවදා ඉස්කෝලේ ගියාම මට දැනිච්ච දේ...පන්තියෙ අනිත් උන් කියන කතා ඇහුවම මට මගේ අත් දෙකෙන් බෙල්ල මිරික ගන්න හිතුනා....
ඒකි පැනලා ගියා කිව්වම සමහරු හිතලා තියෙන්නෙ මාත් එක්ක ගිහින් කියලා...."අපි හිතුවෙ උඹත් එක්ක ගියා " කියලා හැම එකාම මූනට කියද්දි....අම්මපා මට වහ කන්න හිතුනා ඒකි ගියාට නෙවේ....කියන කතා අහන් ඉන්න බැරුව....පස්සෙ පස්සෙ මටත් තේරුනා ඇත්තටම ආදරේ කියන්නෙ ඒකට නෙවෙයි කියලා....ඉතින් මාත් මගෙ හිත හදාගත්තා....තරහක් වෛරයක් කොනකවත් නෑ...හැබැයි ආයේ ජීවිතේට කාවවත් එපා....
.
.
.
.
ඒක නෙවේ මන් අහන්න ගියේ.... මගෙ වයස හරි කියන්නෙ දැන් උඹට තියෙන්නෙ වැරදි වයසද...මට කියන්න කලින් උඹ හොයාගෙන හිටන්කො....×හොයාගන්නවයි කියලා ඉතින්...කඩේකට ගිහින් අරගන්නද බන්....මං මේ හරිම කෙනා ජීවිතේට එනකන් බලන් ඉන්නවා....
YOU ARE READING
බෝඩිංකාරයෝ
Non-Fictionමං කැමතියි ජීවිතේ කියන චිත්‍රෙ ආදරේ කියන කොටස තනි පාටකින් නැතුව පාට පාටින් පාට කරන්න....උඹේ චිත්‍රෙත් ඒ කොටස පාට පාටින් දිලිසෙන්න ඕන කියලා හිතුනොත් කියපන්...මයෙ ගාව ඕන තරන් පාට තියෙනවා....