එයා නැඟිට්ටා...මං ටක් ගාලා නිදි වගේ ඇස් අඩවන් කරගත්තා...කොල්ලට හොඳට රෙද්ද පෙරෝලා ඇඳේ ඉඳගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා...ඒ මූන හරියට පැහැදිලිව පේන්නෑ...ඒත් විදුලි කොටන එලියට සැරින් සැරේ පේනවා..මහ වැස්සට කියන දේ නෑහුනත් ඒ තොල් මතුරනවා මගෙ දිහා බලාගෙනම...එහෙම්මම ඇඳෙන් නැඟිටලා ලයිට් නොදාම බෑග් එක ගාවට ගිහින් මොකක්දො කවරයක් අරන් ගිහින් ඇඳ මුල්ලෙ පාමුල ඉඳගෙන බෑග් එකට අත දාලා මොනවද අරන් කටේ දාගත්තා...හවස කෑවෙත් නෑනෙ..බඩගින්නෙ ඉන්නෙ දැන් ඔය...ඊට පස්සෙ දනිස් දෙක අස්සට ඔලුව ගහගත්තා....ඒ උරහිස් ගැස්සෙනවා...එයා අඬනවා...අනේ ඇයි රත්තරන්....මට යන්නත් බෑ...ගියොත් කලබල වෙයි...ඒත් නොගිහිනුත් බෑ...ඔහොම අඬනවා බලන් ඉන්න පුලුවන්ද..වෙන්දට නිවී හැනහිල්ලෙ නිදාගන්න කෙනා අද නිදි නැතුව අඬද්දි මට නිදාගන්න පුලුවද්ද...ඒකත් මේ මං හින්ඳම වෙද්දි කෝම නන් ඉවසන්නද...අනේ අඬන්නෙපා බන්...එයා අඬනවා...පිටට සද්දෙ නෑහෙන්න උරහිස් ගස්ස ගස්ස අඬන හැටි බලන්න බැරි හින්ඳම මාත් එතෙන්ට ගියා..×ම්ම්ම්
+මොනවද
×වඩේ...ඔයා ආසයිනේ...මට දෙන්න අමතක උනා
+මටෝන වඩයක් නෑ...
×ඒ මොකො...
+කිව්වනෙ මටෝන්නැ...
×ඔයා ඔය බඩගින්නෙ ඉන්නෙ...හරියට කෑවෙත් නෑනේ
+මට බඩගිනි නෑ...
×එහෙනන් ඔය මුරුක්කු ගිලින්නෙ...
+මටෝන නිසා...පාඩුවෙ ඉන්න දීලා යන්ඩකො ඔයා...
×ඔයා අඬනවද...
+නැ..
×නැති වෙන්න බෑ ඔයාගෙ කටහඬ බොඳයි...කෝ මූන උස්සන්න බලන්න..
+_____
×කෝ උස්සන්නකො
+ඔව් ඇයි මොකද මං අඬනවා...තමුසෙ හින්දා මං අඬනවා...තමුසෙ හින්දා අඬන තත්වෙටම තමුසෙ මාව පත්කරා..හරිද දැන් සතුටුද...දැන්වන් මට පාඩුවෙ ඉන්න දීලා යන්න...
අනේ ඔව් මයි මගෙ කොල්ලා අඬනවනේ දෙයියනේ...ඇස් රතු කරන් අඬනවා...මං හින්දා..එපා බන් මැනික අඬන්න..වවන්නෑනේ මට..මන් එහෙම්ම එයා ළඟින් බිම ඉඳගත්තා...
YOU ARE READING
බෝඩිංකාරයෝ
Non-Fictionමං කැමතියි ජීවිතේ කියන චිත්‍රෙ ආදරේ කියන කොටස තනි පාටකින් නැතුව පාට පාටින් පාට කරන්න....උඹේ චිත්‍රෙත් ඒ කොටස පාට පාටින් දිලිසෙන්න ඕන කියලා හිතුනොත් කියපන්...මයෙ ගාව ඕන තරන් පාට තියෙනවා....