මේ මං අලයට වැඩේ දුන්නා...+කාටද අප්පේ...
අපෙ තාත්තට අලේ...
+මොකක්ද කලේ...
උයා කිව්වනේ පාලෙදි උයාව තෙමාගෙන ගියා කීලා...මං අල ඇණ ගලෝන එකෙන් රෝදෙට හයියෙන් ඇන්නා...අපේ ඩොගී චූත් දැම්මා ඒකට...
හොද වැඩේ ඕකට
+ උඹ මගෙ එකා බන්...හැබැයි ආයෙ කරන්නෙපා හොඳේ...තාත්තා දැනගත්තොත් ගහයි...
උයා ඉන්නෝනේ මාව බේලගන්න...
+මං නැතිවෙලාවක ගැහුවොත්...
ම්ම්ම්....එයා සලමක්නෙ ඇඳන් ඉන්නෙ...මං ඒක කදලා දාලා දූලා යනෝ...එතකොට එයාට පත්තෙන් එල්ල බෑනේ...
+හනේ හනේ කොල්ලො උබ න්න්...
සින්ඩුවක් ඇහෙනෝ...
+ඔව්මයි...අපි සින්දුව ඉවර වුනාම යන්...නැත්තන් මඟින් නතර වෙනවනෙ..ඈ
හා...
කස්ටිය ඇවිල්ලා වගේ...වැඩ පටන් අරන් තියෙන්නෙ...පුරහඳ ලඟින්ම...මං ආසම එකක්...අපිදැන් ඇතුලට ගියොත් සින්දුව නවතින නිසාමයි මං කොල්ලටත් කිව්වෙ ඉවර උනාම යන් කියලා...
මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සැසලි රැළි සරැළි නගා //
ඔබ ආදරේ කියාදුන්නේ සඳක් සේ මවාපුර හඳ ලඟින්ම කඳුලු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා //
ලන්දමත පිපී මාලති පරවෙලා ගියා
පින්න පිණි වැසී පුරහඳ බොඳවෙලා ගියා //
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
කෝ කොහෙද ගියාපුර හඳ ලඟින්ම කඳුලු බිංදුවක් ගෙනත් තියා....
ආ මලයා වරෙන් වරෙන්
+අපි හිතුවෙ මලගෙදර ගිය ඈයො හත්දවසත් කරලම එයි කියලා
අපි ගියෙ හත් දවසට තමයි බන්...උන්ට පණිවිඩේ කියන්න මතක් වෙලා තියෙන්න අරූ මැරිලා හත්දොහකුත් ගියාට පස්සෙ...
YOU ARE READING
බෝඩිංකාරයෝ
Non-Fictionමං කැමතියි ජීවිතේ කියන චිත්‍රෙ ආදරේ කියන කොටස තනි පාටකින් නැතුව පාට පාටින් පාට කරන්න....උඹේ චිත්‍රෙත් ඒ කොටස පාට පාටින් දිලිසෙන්න ඕන කියලා හිතුනොත් කියපන්...මයෙ ගාව ඕන තරන් පාට තියෙනවා....