Lavan povපිස්සු කොල්ලා මගේ...දවස තිස්සෙ කියවල කියවල ඇඳට වැටුනා විතරයි නින්ද ගියා.....අහිංසක කමට නිදාගෙන ඉන්න අපූරුව...නිසල්....නමටම ගැලපෙන රූපයක් එයාට තියෙන්නෙ...හරි නිස්කලංක රූපයක් ඒක...ඒ පාට පවා හිතට හරි සැනසීමයි....එයාට තියෙන්නෙ අමුතුම පාටක්...ම්ම්....ඒක නිකන් කිරියා වල පාට වගේ...අර තද දුඹුරට හදන ඒවයෙ පාට නෙවේ...අර සමහර කිරියා තියෙන්නෙ අමූතු ලස්සන ක්‍රීම් පාටට...අන්න ඒ පාටයි මෙයත්...වතුර බිංඳුත් එක්ක ඒ හම දිලිසෙද්දි බලන්නත් ලෝබයි...ඒ තරන් ලස්සනයි....බළල් ඇස්....මං ආසම වැඩක් තමයි ඒ ඇස්දෙක දිහා බලන් ඉන්න එක...මං ආසම කළු ඉංගිරියාව අස්සෙන් ඒ ඇස් ඇතූලටම කිමිදෙන්න...ඒත් මට විස්වාසයි එක විනාඩියකට වැඩියනන් මට අදවනතුරු ඒක කරන්න හම්බෙලා නෑ...මේකා ඇස් හංගනවා...කොල්ලගෙ කොණ්ඩෙ මූනට වැටිලා...ඒ කොණ්ඩෙට තියෙන්නෙ කලුයි තද තඹයි පාට දෙකේ සම්මිශ්‍රණයක්....හරි සිනිඳුයි....සනීපයි....හිනාවෙද්දි චූටි වෙලා දිලිසෙන ඇස්...රෝස පාටකට හුරු දිගටි තොල්....තනිකරම කතා කරන පින්තූරයක් ඒක...මෙතෙකයි කියලා කියන්න අඩුපාඩුවක් නැති පරිපූර්ණ රූපයක්...රාහුළ හාමුදුරුවෝ කෝට්ටෙ ගෑනු වර්ණනා කරන්න "ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන" කියලා කිව්වට...මේ රූපෙ දැක්කොත් සත්තයි රාහුළ හාමුදුරුවන්ට දන්න භාසා හයම අමතක වෙනවා....පෙනෙන නොපෙනෙන ගානට තියෙන උගුරු ගැටේ....හුස්ම ගන්න වාරයක් වාරයක් ගානෙ ඉස්සෙන පපුව...පිරිච්ච රණ හංසයො නෑ තමයි...ඒත් ඒ පැතලි පපුව හරී සන්සුන්ව උඩ පහල යනකොට පිම්බිච්ච බැලුම් බෝල කැලේ....උගුරු ගැටෙන් පටන් අරන් පහලට එද්දිම බෙල්ල පාමුල තියෙන වල....උරහිස් ගාව හැදෙන වල...ඒකටම එකතුවෙච්ච පෙනෙන නොපෙනෙන ගානට දිලිසෙන තුනී ඡේන් පට එතන හැඩේට හිටිනකොට....නාපු වෙලාවට අවර්ණ වතුර බිංදු ඒ හමේ පාට අරන් දිලිසෙනකොට...උරහිස් වලවල් දෙකෙ පිරිනු වතුර ඇබිත්තත් එක්ක මාලේ රත්තරන් පාට තැනින් තැනින් දිලිසෙන්න ගද්දි....ශෘන්ගාරය දෝරේ ගලනවා....
YOU ARE READING
බෝඩිංකාරයෝ
Non-Fictionමං කැමතියි ජීවිතේ කියන චිත්‍රෙ ආදරේ කියන කොටස තනි පාටකින් නැතුව පාට පාටින් පාට කරන්න....උඹේ චිත්‍රෙත් ඒ කොටස පාට පාටින් දිලිසෙන්න ඕන කියලා හිතුනොත් කියපන්...මයෙ ගාව ඕන තරන් පාට තියෙනවා....