12 කොටස 🌸

48 11 1
                                    


+මං ඇහුවෙ උබ වට්ටක්කයක් කන්න ආසද කියලා නෙවේ...

×එහෙනන්..

+උබ දන්නවා මං මොකක්ද අහන්නෙ කියලා...මං සිරාවට ඇහුවේ...

×බොන්නෝන ප්‍රශ්නයක්....
ම්ම්ම්...මෙහෙමයි පිම්බිච්ච වට්ටක්කා දාරෙට වඩා පැතලි වෙච්ච පත්තක්කා ගෙඩිය මට ලස්සන නිසා...පාරක වුනත් යන්න ලේසි ඒක තැනිතලාවට තියෙනවන්...ගැටි තියෙනවනන් යන්න අමාරුයි...වට්ටක්කා උනත් පත්තක්කා උනත් පිටින් බලද්දි කොල පාටයි...පිටින් බලලා දාරෙට රැවටුනාට ඇතුලින් බලද්දි පත්තක්කා ගෙඩිය හරි ලස්සනයි බන්... තද රතු පාටට දිලිසි දිලිසි පැණි වතුරෙන් නෑවෙද්දි වට්ටක්කා කැලේ බන්...දාරෙ බේරිච්ච මැදහිස් වට්ටක්කෙට වඩා පිරිලා තියෙන පත්තක්කා හරි ප්‍රියමනාපයි...උන් ඔක්කොම පිට පොත්තෙ දාරෙට වහ වැටුනට මන් වහවැටුනෙ කලු සුදු ඇට හංගගත්තු ඉස්ම ගලන රතු මදේට...පිටකවරෙ බලලා පොත් ගන්න මිනිස්සුන්ට ලස්සනම කතා මගඇරෙන්නෙ ඒකයි

+පොත හදන කෙනා දැනගන්නෝන කතාවට ගැලපෙන පිටකවරයක් දාන්න...මොකද කවුරු කොහොම කිව්වත් අපි හැමෝම පොතට කලින් බලන්නෙ පිටකවරෙ...

×අකුරු අස්සෙ තියෙන හැඟීමට ආදරේ මිනිස්සු කවදාවත් පිටකවරෙ බලලා පොත් තේරුවෙ නෑ බන්...හරි උබ කියනවා වගේ මිනිස්සු මුලින්ම බලන්නෙ පිටපොත්ත විතරක් නිසා වෙන්න ඇති කඩේදි පත්තක්කා ගෙඩියක් දෙකක් කපලා ඇතුල පේන්න තියන්නෙ....
.
.
×ඇරත් පත්තක්කා කනකොට බේරෙන ඉස්ම ටික අනිත් ඔක්කොටම වඩා හරි පැණි රහයි බන්...පැ_ ඇයි ඔහොම බලන් ඉන්නෙ..

+තොගෙ කැත හිත තියෙන

×ඒකෙ මොකක්ද කැත..මං කිව්වෙ ඇත්ත...රස වර්ග කොච්චර තිබ්බත් හැමෝම ආසයි පැණිරහට..ඇයියේ..ඒක දිවට හරි සනීපයි...දන්නවද කෑම විතරක්ම නෙවෙයි රස..එක එක රස තියෙන මිනිස්සුත් ඉන්නවා...වැඩිපුරම ඉන්නෙ තිත්ත මිනිස්සු ඒ අතරින් උබ හරි පැණිරහ මිනිහෙක්...උබේ ඔය වම් උරස් කුහරෙ අස්සෙ පණ ගහන වස්තුව හරි පැණිරහයි...හැබැයි මෙහෙමයි උබ හිතුවා වගේ ඒක විතරක්ම නෙවේ වෙන්නඇති පැණි රහ...බලාගෙන ගියාම මගෙ නෙවේ කැත හිත උඹේ..

බෝඩිංකාරයෝ Where stories live. Discover now