"අමුතු ලස්සනයි" මේ හැමදෙයක්ම වචන දෙකකට කෙටිකරොත්... ඒක තමා ඒ වචන දෙක... අමුතු ලස්සනයි .... වෙච්චි කෙරිච්ච දේවල් හිත හිත දත් දෙක මැදලා ඉවරවෙලා ෂවර් එකට ඔලුව ඇල්ලුවා...අම්මට සිරි...ගල්ගැහෙන්න සීතලයි...මොනා කරන්නද ඉතින්...දැන් තෙමිලා ඉවරයිනේ...ඇල්ලුවනේ ඉතින් ගොනා වගේ පුරුද්දට....අම්බෝ...පට්ට සීතලයි...වැඩි වෙලා නොයිඳ මං පටස් ගාලා නාගෙන එලියට ආවා... බාතෲම් එකෙන් එලියට එද්දිම දැක්කෙ සාලේ ඔරලෝසුව...7.30යි..අපො දහසැරයක් ලෑස්ති වෙන්න වෙලා තියෙනො...එක්කො මෙහෙම්මම තව චූට්ටක් නිදාගෙන 8ට නැඟිටලා ලෑස්ති වෙනෝ..විනාඩි පහළවයි ලෑස්ති වෙන්න යන්නෙ...වැඩපලට යන්නත් පැයබාගයක් ඇති...විනාඩි 15 ක් ඉතුරුයිත් එක්ක....×මේ අද මං කලින් යන්නෝන... ඔයා ලෑස්ති වෙලා යන්න හොඳද...අන්න මං ඇඳුම අයන් කරා...දැන් මේ මං ගියාට පස්සෙ තව වෙලා තියෙනවා කියලා නිදාගන්නව එහෙම නෙවේ ආයේ...තේරුනාද...
ඈ මූට අපි හිතන දේවල් ඇහෙනව වත්ද...
×කෝ මෙහෙ එන්න ඔලුව පිහින්න...
+උඹ කොහොමද දන්නෙ...
×මොනවද...
+මං ආයෙ නිදාගන්නහදන්නෙ කියලා...
×උබටත් වඩා හොඳට උඹ ගැන මං දන්නවා...
උම්මා....කම්මුලට තියන හාදුව...
×ඊයෙ දීපු kiss ගැන මොකද හිතන්නෙ...
+මොන...
×බොරු කරන්නෙපා ඔයාට ඒක මතකයි...
+ඇයි ඔයා කිව්වෙ ඉතින් ඒක අමතක කරන්න කියලා...
×මන් කිව්වෙ අමතක කරන්න නෙවේ...දැන්ම හිතන්නෙපා කියලා...
මන් දැන් කියනවා...ඒක ගැන හිතන්න...ආයෙත්.....ආයෙත් එතෙන්ටම...ඊයෙ හාදුව ගැන දැන් හිතන්න කියලා එතෙන්ටම...තොලේ වම් කොනටම ආයෙ හාදුවක් තිබ්බා...
×මන් යනවා පරිස්සමින් යන්න...
+ අහ්..හා..පරිස්සමින්....ඔයත්
මට නිකන් පිස්සු වගේ...
.
.
.
.
.
.
.
.
.
.
වෝටර්මෙලන්....වෝටර්මෙලන්....
පාපායා...පපායා...
බනන බනානා...බනන බනානා...
පුට් සැලට්...පුට් සැලට්...
YOU ARE READING
බෝඩිංකාරයෝ
Non-Fictionමං කැමතියි ජීවිතේ කියන චිත්‍රෙ ආදරේ කියන කොටස තනි පාටකින් නැතුව පාට පාටින් පාට කරන්න....උඹේ චිත්‍රෙත් ඒ කොටස පාට පාටින් දිලිසෙන්න ඕන කියලා හිතුනොත් කියපන්...මයෙ ගාව ඕන තරන් පාට තියෙනවා....