6 කොටස 🌸

57 11 5
                                    


Nisal pov

I'will run I'will climb I'will soar..I'm__

හයහාමාරයි වෙලාව...හැමදාම මේ වෙලාවට එන කෝල් එක....
හෙලෝ...........

+ හෙලෝ....පොඩි බොසා... කියන්න...
උයා අද එද්දි සෑ වෙනෝද....

+නෑ...අද කලින් එන්න පුලුවන්....හතාමාර විතර වෙද්දි....

හතාමාට්ට ඉතර...

+ඕ හතහමාරට විතර...

හතහමාට්ට ඉතර කියන්නෙ....පොඩි බොස්ත එලියට එන්න බෑද...

+ටිකක් රෑ වෙලා තමා...තනියම එන්න එපා...කුසුම් ඇන්ටිත් එක්ක එන්න...

එයා නෑනේ...එයා යනෝනේ...එයා යන්ද හදල්ලෙ...

+ම්ම් එහෙමද...එහෙනන් මං ඔතන්ට ඇවිත් කෝල් කරන්නන්...එතකොට එන්න...කලින් එලියට එන්න එපා හොඳද....

හලී.....මං ටියන්නන්....බුදුසරණයී...

+බුදුසරණයී පුතාටත්...

අර අල්ලපුගෙදර මුඩුමයගෙ පොඩි එකා...අවුරුදු දෙකක් දෙකහමාරක් විතර ඇති....පව් අම්මා නෑ...මැරිලා...තාත්තා ගෑනු පස්සෙ යනවා...ළමයා බලාගන්න වෙනම ගෑනියෙක් ඉන්නවා...ඒ ගෑනිත් හතවෙද්දි යනවද කොහෙද...ඒතරමට ශුවර් නැති මිනිහෙක් ඕකා...තාත්තට බෝඩිමේ උන්ව රුස්සන්නැති උනාට පොඩි එකානන් හරි එකතුයි...මහ එකත් හැබැයි මුකුත් කියන්නැ කොල්ලා අපිත් එක්ක ඉන්න එකට...ඌට ළමයා ගැන බලන්නවත් වෙලාවක් තියෙනව කියලැ ඈ රටවටේම ගෑනූ නලවන්න තියෙනවනෙ....පව් පොඩි එකාට අම්මත් නෑ....අප්පා හිටියත් නෑ වගේ....අම්මා ඉඳලා ඌ මැරිලා ගියානන් ඉවරයි....පොඩි එකා අප්පට වඩා ආදරෙයි මට....මාත් එක්ක තමා ඉස්සෙල්ලම යාලුවුනේත්...බෝඩිමට වුනත් එන්න දඟලන්නෙ මාව හොයාගෙන...හැමදාම හයහමාර වෙද්දි කෝල් කරනවා...මුලින්ම අහන්නෙ අද එන්න රෑ වෙනවද කියලා...වෙන මොකටවත් නෙවේ ඔය...ගේන කඩචෝරු මල්ල ගන්න...අද මේ වැස්ස නිසා කලින් යන්න පුලුවන් උනාට රෑ වෙන දවසට ඉතින් කොල්ලට එලියට එන්න බෑනේ...කොල්ලා ඉතින් කාමරේ ඉඳන් ජනේලෙන් බලන් ඉද්දි මං කරන්නෙ ඉතින් ඩොගී අතේ ඒක යවන එක...වැඩේ කියන්නෙ ඒ ඩොගියත් නිකන් මගෙ බල්ලෙක් වගේ පාර ගාවට ඇවිත් ඉන්නවනේ මාව එක්ක යන්න...හාම්පුතාට නැති ආදරයක් මට තියෙන්න...හම්මොහ්...හෝදලා ඉවරයි....දැන් යතැහැකි....හතයි පහයි වෙලාව...අද කලින් කඩේ වහනව...මේ මොරසූරන වැස්සෙ මොකාද මේවට එන්නෙ...වැස්සෙ එලියට බහින්න තමයි එපාවෙන්නෙ...ගෙදරට යන චුට්ටවත් පෑව්වොත් ඒ ඇති....කොල්ලට මුරුක්කුවක් ගන්නෝන නිසා මං ආවෙ තිකකවර්ධනේ ඉස්සරහ තියෙන කඩචෝරු කඩේට...ආසිරි එකට....ඇති යන්තන් ඇරලා...බයේ ආවෙ වහලා ඇති කියලා....සම්ප්‍රදායක් විදියට මං ඒකෙන් තමා හැමදාම ගන්නෙ...වෙන ගන්න තැන් තිබ්බත් යන්න හිතෙන්නෙත් නෑ...සම්මතෙන් පිට පයින්න බෑ....ඒත් මේ යන විදියට මට ළඟදිම සම්මතෙන් පිට පයින්න වෙයි වgay.....
මං කොල්ලට ඒකා ආසම green peas...රටකජු එහෙම තියෙන mix එකෙන් අරගෙන...මට සුදුළූනු මුරුක්කු එකෙන් ගත්තා...මං ආස ඒකට...
වැස්සනන් පොඩ්ඩක් අඩු වුනා දැන්...අරයට අරන් බලන්නෝන...රෑ වෙනවද දන්නෑ...

බෝඩිංකාරයෝ Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ