ƈԋαρƚҽɾ 09

1.4K 157 11
                                    

ගිටාර් එකත් පැත්තකින් තියලා ෆෝන් එක අරගත්තෙ ඒකට මැසේජ් එකක් ආපු නිසා.. සුදූ දවල් ගහපු අර ෆොටෝ එක එවලා..

ඒකෙ විදියටම හැමදාම හිනාවෙලා ඉන්න තිබුනනම්..
ෆොටෝ එක දිහා බලනකොට මට හිතුනෙ එහෙමයි.

" I wanna keep that smile going forever ! "

ඒ විදියෙ කැප්ශන් එකක් එක්ක මං ඒ ෆොටෝ එක instagram upload කරා..

මං නිදාගන්න යනකොට රෑ 12ත් පහු වෙලයි තිබ්බෙ..
උදේ සුදූව ලොකුඅම්මලගෙ ගෙදරින් දාගෙනම මම ශශී එක්ක ඇකඩමි එකට ගියා.. මගෙ සතියම ගෙවුනෙ ප්‍රැක්ටිස් වලට..සතියක් කිව්වට රෙකෝඩින්ග් එකත් ඉවර වෙනකොට සති දෙකකට කිට්ටු උනා.. මං සිලෙක්ට් කරන් ගිය සින්දු දෙක මතක ඇතිනෙ..ඒ දෙකෙන් මේ සතියෙ සින්ග් කරන්න සිලෙක්ට් කරගත්තෙ අවතැන් හදේ සෝන්ග් එක..

Competition එකේ මුල් රවුන්ඩ්ස් වල කට්ටියව සිලෙක්ට් කරන්නෙ Judge board එකෙන්.. හරියටම ෆයිනල් 8 රවුන්ඩ් එක වෙනකන්ම.එතනින් එහාට සේරම sms වලින් යන රවුන්ඩ්ස් තියෙන්නෙ.. අපි කොහොමත් තාම හිටියෙ ෆයිනල් 48 වල.. ඊලගට ෆයිනල් 40.. 48 රවුන්ඩ් එකේ එක දවසකට සින්ග් කරන්නෙ 8 දෙනයි... program එක ටෙලිකාස්ට් වෙන්නෙ වීකෙන්ඩ් එකේ නිසා සතියකට සින්ග් කරන්නෙ 16 දෙනයි.. ඉතුරු අය ඊලග සතියෙ. දවසට සින්ග් කරන 8 දෙනාගෙන් එක්කෙනෙක් තරඟෙන් කැපිලා යනවා.. ඔය විදියට තමයි වැඩේ වෙන්නෙ.. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්කො.. මේ පාර ශශියයි මමයි එක දවසෙ නෙමෙයි සින්ග් කරන්න හිටියෙ.. රෙකෝඩින්ග් වැටුනෙ දවස් දෙකක.. මගෙ එක මුලින් ඉවර උන නිසා මට කලින් එන්න පුලුවන් උනා..

හොඳම දේ මොකද්ද දන්නවද? මම ෆයිනල් 40 වලට සිලෙක්ට් වෙච්ච එක.හැබැයි මේක රහසක්.. ටීවී එකේ ටෙලිකාස්ට් වෙනකන් සෝශල් මීඩියා වල මේක ගැන පෝස්ට් එකක්වත් ශෙයා කරන්න තහනම්.. ඒක competition එකේ තිබ්බ රූල් එකක්..

සුදූට තව සතියක් අරහෙ ඉන්න ඕනෙ කිව්ව නිසා මම සේරම වැඩ ඉවර වෙලා ගෙදර ආවා.. වෙලාව 6.30යි... එනකොට පපා ගෙදර...

" සුදූව ඇයි එක්ක ආවෙ නැත්තෙ? "

ගෙදරට අඩිය තිබ්බා විතරයි පපා කෑ ගැහුවා..

" එයා ඊලග සතියෙ එයි.. නොදන්න තැනක නෙමේනෙ ඉන්නෙ.."

මං එහෙම උත්තර දුන්නා..

සුළඟ නුඹ ( Sinhala BL )Where stories live. Discover now