Prologue

850 91 57
                                    


සවස් කාලය එලඹෙමින් පවතිද්දී ගන කැලෑවක් වුන ෂෑංසිහො කැලෑව ටිකෙන් ටික අඳුර විසින් ඩැහැගන්න පටන් ගත්තා. සවස් කාලය සොර සතුරන්ගේ තෝතැන්නක් බව දැන දැනත් තවමත් උදෑසන ඉඳගත් වනම සිටින කඩවසම් තරුණයෙක් තමන්ගෙ ගලවා දමා තිබුණු කඩු කොපුව අතට ගත්තා. ඔහුගේ ඇස් කිසිවිටෙකත් කැලෑවට ඉදිරියෙන් නැගී සිටින විශාල එක්ටැම්ගෙයින් ඉවත් වුනේ නැහැ.

"කුමරුනි.... දැන් බොහෝ වෙලා ගිහින්. අප මාලිගාවට පිටත්ව යා යුතුයි."

"ඇයට තවමත් මා ගැන සෙනෙහසක් නැති හැඩයි."

තරුණයා පැවසුවේ දීර්ඝ හුස්මක් පහලට දැමීමෙන් අනතුරුවයි. මේ ඔහු මෙතන කාලය ගත කරන පලවෙනි දිනය නොවන බව නම් පැහැදිලියි. ඔහු මසකට අධික කාලයක් මෙලෙසින් එකම දෙයක් වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයෙන් බලාගෙන ඉන්නවා.

"දිනක් පැමිණේවි..... අනිවාර්යයෙන්ම ඇයට ඔබව නැතිවම බැරි වෙන."

ඔහු සමඟ සිටි තවත් තරුණියක් සිනාමුසු මුහුණින් පවසන විට ඔහුත් පෙරලා ඇයට වේදනාත්මක සිනහවකින් සංග්‍රහ කලා. මෙම කාලය පුරාවටම තමන්ගේ සිත ගත් මුරණ්ඩු තරුණියකගේ සෙනෙහස බලාපොරොත්තුවෙන් මෙහි පැමිණීම කුමරුන් ප්‍රතික්ෂේප කර තිබුණේ නැහැ.

"ඉතින්...... අද නුඹ මා සමඟ සිටින අවසන් දිනය. වැලඳ ගැනීමට වුවමනාවක් නැතිද?"

"නමුත් කුමරුනි......."

ඇය කිසිත් පවසන්නට පෙරම ඔහු ඇයව උණුසුම් වැලඳගැනීමකට එක් කරගත්තා.

"ෂින්හී........ මා හට පෙර අයුරින්ම ජිමින් ලෙස ඇමතිය නොහැකිද? ඔබ මගේ මිතුරිය නෙ."

"අද අවසන් දින නිසාවත් ඔබතුමාට නිසි පරිදි ගෞරව කරන්නට ඉඩ දෙන්න."

ඇය සිහින් සිනාවක් සමඟ පවසද්දි ජිමින් කුමරු කල්පනාවකට වැටුණා. තමන්ගෙ සේවිකාව වුනත් දැනටමත් ජිමින් කුමරුන්ට නම් මේ තරුණිය ඔහුගේ හොඳම මිත්‍රයෙකු බවට පත් වෙලා අවසානයි. අඩ හෝරාවකට පමණ පසු ජිමින් කුමරුන් සහ සේවිකාව මාලිගාව වෙතට පැමිණියා. ඇය සූදානම් වුණේ අද දින මාලිගාවෙන් තවත් රාජධානියකට ත්‍යාග වශයෙන් ප්‍රධානය කරන සේවිකාවන් පිරිස සමඟින් පිටත් වීමටයි. 

"අද ඔවුන්ව යවන්නෙ මින්හ්යොන් රාජධානියටලු."

"කුමක්ද? එය සිදු විය නොහැකියි. අසා තිබෙන අයුරින් එහි පාලකයා අතිශයින් කෲර කෙනෙක් ලු. කටකතා වලට අනුව එය කාන්තාවන්ට අනාරක්ෂිත පෙදෙසක්."

"ඔවුන්ගේ අවාසනාව තමයි."

සේවිකාවන්ගේ කතාව අහගෙන හිටපු ෂින්හී සරල සිනහවක් මවාගත්තෙ මීට පෙරම තමන්ට අත් වන ඉරණම ගැන දැන සිටි නිසයි. මෙතනින් පසු කුමක් සිදු වේවිද?

.

.

.

.

.


මිදුණු හදවත් අතර 

බිඳුණු සිහින රැගෙන

දරුණු මං හරහා 

බිඳුණු උරුමකරු වෙතට


~ Broken Heir ~


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


______________________________________________

ඔන්න මේ පාර හිස්ටොරිකල් ෆැන්ටසි එකක් තමයි. කලින් මගෙන් ඉල්ලපු නිසා මේක දෙන්න ලෑස්ති කරලා තිබුණෙ. හැබැයි ලියන්න කම්මැලිකමක් තිබුණා. ඔයාලා ගෙන් හොඳ ප්‍රතිචාර තිබුණොත් දිගටම ලියනවා. 

මේක ටිකක් චීන පැත්තට බර හිස්ටොරිකල් එකක්. ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. ඒ වගේම කතාව ගැන දැන්මම මොකුත් තීරණය කරන්න එපා. මේක ටිකක් වෙනස් පැත්තකට යයි. ඒ වගේම හත් දෙනාම කතාව ඇතුළෙ ඉන්නවා. ප්‍රධාන චරිතය රහසක්. කවර් එකේ ඉන්න අය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

හැමෝම අදහස් කියාගෙන යන්න ඉතින්. 

BROKEN HEIR || ✓Where stories live. Discover now