Chapter 11

238 66 67
                                    


ජංගුක් ෂින්හී වගේම ට්වායිෂු හිටියෙ හේජොන් රාජධානියේ මාලිගාවට ඇවිත්. ජංගුක් තරුණියක් එක්ක ඇති කරගත්ත සටනත් බොහොම අමාරුවෙන් නවත්තගත්ත ට්වායිෂු ෂින්හී දෙන්නා ඔහුව ඇදගෙන මාලිගාවට එද්දි රාත්‍රී කාලයත් එළඹිලා තිබුණා. උද්‍යානයේ එක තැනකට වෙලා හිටපු ෂින්හී එක්ක කතා කරන ගමන් හිටියෙ ට්වායිෂු. එතන තිබුණ සුන්දර සකුරා ගසකට නැඹුරු වෙලා සිනාසෙමින් කතා කරන ට්වායිෂු ෂින්හීගේ දර්ශනය ජංගුක්ට නම් ඒතරම් සුන්දර දර්ශනයක් වුනේ නැහැ.

උද්‍යානයේම තැනක තිබුණු පුංචි එළිමහන් ශාලාවේ බිම ඉඳගෙන මේසෙට තමන්ගෙ වැලමිට තියාගත්ත ජංගුක් කම්මුලට අත තියාගෙන ඒ දිහා බලන් හිටියා. ට්වායිෂු කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා හිතාගන්න තාමත් ඔහුට නොහැකි වෙලා. 

"හ්ම්...... ඔබලා හමුවුනේ කොහොමද?"

ජංගුක්ගෙ ලඟින්ම ඉඳගෙන පලතුරු කැබලි වලට වෙන් කරන ගමන් හිටපු ජිමින් කුමරු අහද්දි ජංගුක් පිලිතුරු දුන්නෙ ට්වායිෂු ෂින්හී දෙන්නගෙන් මොහොතකටවත් ඇස් ඉවතට නොගෙනමයි.

"අප හමු වුනේ හනොක්වරුන්ගේ යුද්ධය අවස්ථාවේදී. මින්හ්යොන් රාජධානියට පහර දුන්න මොහොතේ අප පලා ආවා."

"ඕහ්..... එවිට ඔබ මින් අධි රජුගේ?"

"උපබිසවගෙ පුත්‍රයා......"

ජංගුක් වැඩිය ගණන් නොගෙන කියද්දි ජිමින් කුමරු තමන් කර කර හිටපු වැඩෙත් නවත්තලා ජංගුක්ගෙ මූණ දිහා හොඳට බලන් ඉන්න පටන් ගත්තා. පෙනුමෙන් නම් ජංගුක් ඔහුගේ වයසට ආසන්න වයසක කෙනෙක් වගෙයි පෙනුණෙ.

"වෝහ්...... ඔබ වැනි අති විශාල පුත්‍රයෙක් සිටින්න මින් අධිරජු විවාහ වුනේ ඉපදුණු දිනයේදි ද?"

"යාආආආ...... මම මින් අධිරජුගෙ පුත්‍රයෙක් නෙවෙයි. මම ඔහුගේ පියාණන්ගෙ උප බිසවකගේ පුත්‍රයෙක්. නුඹගේ සිහි විකල් වෙලාද?"

ජංගුක් කෑගහලා කියද්දි ජිමින් තමන්ගෙ කට වහගත්තා. එතනින් එහාට දෙන්නා අතරම තිබුණෙ ලොකු නිශ්ශබ්දතාවයක්. හැබැයි ජංගුක්ට වගේම ෂින්හී ට්වායිෂු එක්ක ඉන්න එක ගැන ජිමින්ටත් හොඳක් දැණුනෙ නැහැ. ඔහු පිටතින් පේන තරම්ම හොඳ කෙනෙක්ද? ඒත් ජිමින් කුමරු ඔහු ගැන ප්‍රශ්න කරන්න ගියේ නැහැ. ඒ රාජකාරියත් භාරගත්තෙ ජංගුක්ම තමයි.

BROKEN HEIR || ✓Where stories live. Discover now