දිය පාරට මූණ පහත් කරපු ජංගුක් එයින් පේන තමන්ගේ මුහුණ දිහා විනාඩි කිහිපයක් බලාගෙන හිටියා. ගලායන ජලය කොයිතරම් සීතලද කියලා අවටින් හමන සුළඟෙනුත් හොඳින්ම තේරෙද්දි ඔහු නැවතත් ෂින්හී දෙස හැරී බැලුවා. ඇය නම් හිටියෙ තමන්ගේ ගමන් මල්ල සූදානම් කරගන්න ගමන්.
දිය පාරට තමන්ගෙ එක කකුලක් ඇතුල් කරපු ජංගුක් ඊලඟ තත්පරේ හිටියෙ අඩි හයක් විතර පිටිපස්සෙන්.
"යාආආආආආ..........."
"ඇයි කුමක්ද වුනේ?"
"මේ..... මේ ජලය ගොඩක් සීතලයි."
දිය පහරට අත දිගු කරමින් ජංගුක් කෑගහද්දි ෂින්හී ඉනට අත් දෙක තියාගෙන ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වාම නිරීක්ෂණය කලා. තවත් විනාඩි කිහිපයක් ඒ විදිහටම හිටපු ෂින්හී දිය පහරට නැඹුරු වෙලා වතුර ටිකක් අතට අරගෙන තමන්ගෙ මුහුණ සෝදා ගත්තා.
"කුඩා දරුවෙක් නොවී මෙහි පැමිණෙන්න. මෙහි ඔබට උණු පැන් ලබාදෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඉක්මනින් මුහුණ සෝදාගන්න."
"නමුත්.........."
"ඔබ මුහුණ සෝදාගන්නවාද මම නුඹව දිය පහරට තල්ලු කරන්නද?"
"ආශ්...... හරි හරි මම යන්නම්."
සීතලෙන් ගැහි ගැහි තමන්ගෙ මුහුණ වගේම උඩුකයත් යන්තං පිරිසිදු කරගත්ත ජංගුක් අලුත් සළුවක් ඇඟට දාගත්තා. හොඳ වෙලාවට ජංගුක් එතනින් පැනලා එද්දි තමන්ගෙ ගමන් මල්ල රැගෙන යන්න අමතක නොකලේ. ඒත් මේ වනවිටත් ෂින්හී ඇඳන් හිටියෙ පුරුෂයන්ගේ ඇඳුම් බවත් කිව යුතුමයි.
මුහුණ සෝදලා ඉවර වුනාට පස්සෙ පිරිසිදු වතුර වලින් ඔවුන්ගේ ජල බහාලුම පුරවාගත්ත ජංගුක් ෂින්හී සමඟ එකතු වුනා. දැන් ඔවුන් කැලෑව දිගේ ඉදිරියට යන්න පටන් අරන්. ෂින්හී සොයාගත්ත පලතුරු වලින් තමන්ගෙ කුස පුරවා ගන්න ගමන් ජංගුක් ඇය සමඟින් ඉදිරියට ගියත් දෙදෙනාටම යන තැන ගැන ප්රශ්නයක් තිබුණා.
"අප මේ කොහෙද යන්නෙ ෂින්හී?"
"මා හටත් අදහසක් නැහැ. නමුත් අප කිරුළ හිමි කුමරුන්ව කෙසේ හෝ සොයාගත යුතුයි."
YOU ARE READING
BROKEN HEIR || ✓
Fanfiction"ඔබ වැනි අධම නීච කෲර මසුරු පාලකයෙකු හට එය මහ දෙයක් නොවන්නට ඇති. ඔබගේ අතින් ඇයට සීරිමක් හෝ සිදු වී තිබුණහොත් ඔබගේ මාලිගාවටම පැමිණ ඔබගේ දිවා භෝජනයට නියඟලා යුෂ දමා යන බව දිව්රා පොරොන්දු වෙමි. පරිස්සමින් සිටිනු." ~ Broken Heir ~