ගංගාව තරණය කරලා අවශ්‍ය විදිහටම එහා ඉවුරට ආපු ජංගුක් වගේම ට්වායිෂු ඇඳුම් මාරු කරගත්තා. ෂින්හීට නම් වතුරෙන් ප්‍රශ්නයක් නොවුනෙ කෙල්ල ට්වායිෂුගෙ උදව් ඇතිව ආපු නිසා. ඇඳුම් මාරු කරගෙන ගස් අතරින් එලියට ආපු ට්වායිෂු ෂින්හීත් එක්කම ඉස්සරහට යද්දි ජංගුක් ඔවුන්ට එකතු වුනා.
"දැන් අප කොහෙටද ගමන් කරන්නෙ?"
"ජිමින් කුමරුන්ගේ මාලිගාවට යන්න මේ දෙසින් පුළුවන්. මේ කැලෑව හරහා ගියොත් දිනක ගමනක් පමණයි. හෙට උදෑසන වන විට වගේ අපට යන්න පුළුවන් වේවි."
ට්වායිෂු කියද්දි ජංගුක් ෂින්හී දෙන්නම ඔලුව වැනුවා. තරමක් දහවල් කාලය වුනත් ඒ තරම් අපහසුවක් නැතිව ඔවුන්ට ගමන් කරන්න පුළුවන් වුනේ කැලෑව ගස් වලින්ම වැහිලා තිබුණු නිසා. මේ කැලෑවේ පුරුදු කාරයෙකු වුන ට්වායිෂුට නම් කොහොමත් වැඩි අමාරුවක් තිබුණෙ නැහැ.
"ට්වායිෂු...... නුඹ වගේ අය තවත් මෙහි සිටිනවද?"
නිශ්ශබ්දතාවය බිඳින්න වගේ ෂින්හී අහද්දි ට්වායිෂු හිනාවෙලා ඇයගෙ දිහාවට හැරුණා. ට්වායිෂුගෙ සිනහව ඕනම මොහොතක කෙනෙක්ව වශී කරගත හැකි එකක් බව නම් නොඅනුමානයි. ඒ තරම්ම ඔහුගේ හැසිරීම ආකර්ෂණීය යි.
"මා වගේ අය මේ කැලෑව තුල නම් නැහැ ෂින්හී. නුඹට මා වැනි කඩවසම් බිළාල තරුණයෙක්ව සොයා ගැනීමට අවශ්‍ය නම් බටහිර දේශයට යාමට සිදු වෙනවා. නමුත් එහිත් මා වැනි කඩවසම් බිළාලයෙකු නැති වේවි."
"හහ්....... නුඹට වඩා කඩවසම් තරුණයන් ඕන තරම් මං දැකලා තියෙනවා."
ට්වායිෂුගෙ කතාවට මොකක්ම හරි නොකියා ඉන්නම බැරි වුන ජංගුක් මැදින් පනිද්දි ට්වායිෂු කට කොනින් හිනාවෙලා ෂින්හීගෙ කම්මුලට තමන්ගෙ තොල් තද කලේ ෂින්හී ගැස්සිලා යද්දි. ඒ වගේම මේ අනපේක්ෂිත සිදුවීම දිහා බලාගෙන හිටපු ජංගුක් හිටියෙත් කට බාගෙට ඇරගෙන හරිම පුදුමෙන්. මේ ගමනේ ආරම්භයේ පටන්ම ජංගුක්ට පුදුම වෙන්න තිබුණ තැන් වල නම් නිමක් නැහැ.
"ඔබ...... ඔබ කුමක්ද ඒ කලේ ආආ?"
"ෂින්හී........ ඔබ පවසන්න..... ඔබ දුටු කඩවසම්ම තරුණයා කවුරුන්ද ම්ම්?"
![](https://img.wattpad.com/cover/354419887-288-k761954.jpg)
YOU ARE READING
BROKEN HEIR || ✓
Fanfiction"ඔබ වැනි අධම නීච කෲර මසුරු පාලකයෙකු හට එය මහ දෙයක් නොවන්නට ඇති. ඔබගේ අතින් ඇයට සීරිමක් හෝ සිදු වී තිබුණහොත් ඔබගේ මාලිගාවටම පැමිණ ඔබගේ දිවා භෝජනයට නියඟලා යුෂ දමා යන බව දිව්රා පොරොන්දු වෙමි. පරිස්සමින් සිටිනු." ~ Broken Heir ~