Chapter 1

506 95 69
                                    


"පියාණනි! ඔබතුමා දැන්මම ඔවුන්ව නැවැත්විය යුතුයි. ඇයව එහි යැවිය නොහැකියි."

"නවත්වන්න ජිමින්. ඇය ඔබගේ මිතුරිය හෝ කවුරුන් වුනත් ඇයව දැන් අයිති මින්හ්යොන් රාජධානියට. ඇයට පමණක් විශේෂයක් කල නොහැකියි."

"නමුත් පියාණනි......"

"දැන් ඇති...... නුඹට අවධානය යොමු කිරීමට මීට වඩා බොහෝ දේ තිබෙන බව සිහියේ තබාගන්න."

තමන්ගේ පියාණන්ගේ අණට කීකරු වෙනවා හැරෙන්න වෙන දෙයක් ජිමින් කුමරුන්ට කරන්න පුළුවන් වුනේ නැහැ. ඔහු ගොඩක් උත්සාහ කලා මේ දේවල් වලින් ෂින්හීව ඈත් කරන්න. නමුත් ඔහු මේ ගැන දැනගන්න විටත් සියල්ල තීරණය වී හමාරයි. ඉතින් ඔහු නිහඬවම සිය කුටිය වෙතට ගියේ ෂින්හීගේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ගමන්. 

හෝරා කිහිපයක දිගු ගමනකින් අනතුරුව ෂින්හී ඇතුළු සේවිකාවන් පිරිස මින්හ්යොන් රාජධානියේ මාලිගාවට ඇවිත් තිබුනා. ඔවුන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව තම තමන්ට නියමිත රාජකාරි ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යමයි. රාජධානියේ ප්‍රධාන පාලිකාවක් ඔවුන් අසලට පැමිණ පේලියට හිටගෙන හිටපු තරුණියන්ව පරීක්ෂා කළා.

"සියලු දෙනාම බොහෝ සෙයින් දක්ෂ විය යුතුයි. සේවිකා....... පලමු කණ්ඩායම මුළුතැන්ගෙයට. දෙවැනි කණ්ඩායම පිරිසිදු කිරීම් වලට. අවසන් කණ්ඩායම අධිරජුගේ මාලිගාවට පිටත් කර හරින්න."

"එහෙමයි පාලිකාවනි....."

ප්‍රධාන පාලිකාවගේ නියෝගය අනුව ෂින්හීට ලැබුණේ අධිරජුගේ මාළිගාවට සේවය කිරීම වුන නිසා ෂින්හී ටිකක් කලබල වුනා. මීට කලින් රාජධානිය ගැන ඇහිලා තිබුණ කටකතා ගැන ඇයට අමතක කරන්න බැහැ. මින් අධිරජු අතිශයින්ම කෲර දරුණු පාලකයෙකු විදිහටයි හැමෝම දැනගෙන හිටියෙ. එහි යාමට වැඩි වුවමනාවක් නැති නිසා සේවිකාවන් පිරිස ගමන් කලේ හරිම හෙමින්. 

"අඩිය ඉක්මන් කර පැමිණෙනු!"

"හහ්..... ඇය බලන්නකෝ. ඇයව නොවෙයිනෙ මරු කටට යවන්නෙ අපවනෙ. මා හට හැකි නම් ඇයගේ කෙස් ගස් එකින් එක ගලවා දමනවා."

BROKEN HEIR || ✓Where stories live. Discover now