"ඔබේ වයස කීයද?"
"මට..... මට අවුරුදු අටයි."
"මෝහ්...... මා සිතුවා හරි. ඒත් මේතරම් කුඩා දැරියකට පෙම්වතෙක් කොහෙන්ද?"
ජිමින් කුමරු කම්මුලට අත තියාගෙන දිගටම කුඩා දැරිය දිහා බලාගෙන හිටියා. මේ දේවල් විශ්වාස කරන්න පුළුවන් ද? වයස අවුරුදු විසි හයත් ඉක්මවා තිබුණු තමන් තවමත් සිත් ගත් තරුණියගේ කැමැත්ත බලාපොරොත්තුවෙන් සිටිද්දි මේ විදිහට අවුරුදු අටක දැරියකටත් පෙම්වතෙක් ඉන්න එක? ජිමින් කුමරුට මේ කතාව ඇහුවම පුංචි ලැජ්ජාවකුත් දැනෙන්න ඇති.
"ඔබේ නම කුමක්ද?"
"මම.... මම හනාමි.......... එවිට ඔබ?"
"මම.... ජිමි......."
ජිමින් කුමරු තමන්ගේ අනන්‍යතාව හෙළි කරන්න ගියත් එසැනින් ඔහු නැවතුනේ මේ වගේ නන්නාදුනන කෙනෙකුට තමන් ගැන කියන එක අවධානම් නිසා. කියන්න බැහැ..... කුඩා දරුවෙකු වුනත් විශ්වාස කල නොහැකි තත්වයකයි දැන් ඔවුන් සිටින්නේ.
"මම ජිම්සන්.........."
"එසේද? එය හරිම විකාර නාමයක්නෙ. කමක් නෑ නුඹට ගැලපෙනවා එය."
"ආආආආ......."
ජිමින්ට ඒ කියපු දේට තරහා ගියත් ඔහු හොඳ හුස්මක් අරගෙන සන්සුන් වුණා. හනොක් වරුන්ගේ බල ප්‍රදේශය තුල කෑගහන්න ගිහින් නිකරුනේ කරදරයට පත් වෙන්න ජිමින්ට වුවමනා වුණේ නැහැ. කොහොම හරි අලුයමත් පහු වෙලා ටිකෙන් ටික එලිය වැටෙන්න පටන් ගන්නවා කියලා තේරෙද්දි ජිමින් බලාගෙන ඉන්න පටන් ගත්තා. ආලෝකය වැටීමෙන් පසු තමන් ආපු තැනටම හෝ නැවත යන්න හැකි වේවි කියලා ඔහු විශ්වාස කලා.
මේ අතර කැලෑවේ තවත් පැත්තක කෙනෙක් හෙමින් හෙමින් තමන්ගෙ අඩි ඉදිරියට තියමින් ඇවිදගෙන යන ගමන් හිටියෙ. එලියත් වැටිලා තිබුණ නිසා නලලට අත තියලා ඉහල අහස දෙස බලපු ඔහු ඔහුගේ වශීකෘත වූ සිනහව පෙන්වන්න පටන් ගත්තා. ඒත් එක්කම ඔහුගේ අත් තද වුනේ තමන්ගෙ එක අතක තිබුණු දම්වැලකට.
දම්වැල දිගේම ටික දුරක් ගියොත් අපිට ඔහුගේ යටතේ මේ වනවිට ඉන්න ෂින්හීව බලාගන්න පුළුවන්. ෂින්හීගේ එක අතක් දම්වැලෙහි තිබුණු අගුලකට හිර කරලා ඇයව කැලෑව දිගේ ඉදිරියට අරගෙන යන ගමන් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ට්වායිෂු. නොකර බැරි කමටම කලත් ෂින්හීව දම්වැල් වලින් පීඩාවට පත් කරන්න ඔහුට ඕන වුණේ නැහැ.
YOU ARE READING
BROKEN HEIR || ✓
Fanfiction"ඔබ වැනි අධම නීච කෲර මසුරු පාලකයෙකු හට එය මහ දෙයක් නොවන්නට ඇති. ඔබගේ අතින් ඇයට සීරිමක් හෝ සිදු වී තිබුණහොත් ඔබගේ මාලිගාවටම පැමිණ ඔබගේ දිවා භෝජනයට නියඟලා යුෂ දමා යන බව දිව්රා පොරොන්දු වෙමි. පරිස්සමින් සිටිනු." ~ Broken Heir ~