Last Chapter

344 63 40
                                    


ප්‍රධාන රැස්වීම් ශාලාවේ කොනක තිබුණ රහස් දොරක් විවෘත කරගත්ත නම්ජුන් කුමරු හෙමින් හෙමින් පුංචි පඩිපෙළක් පහලට යන්න පටන් ගත්තා. සිතියමේ තිබුණ දේවල් හොඳින් මතකයේ තිබුණ නිසා ඔහුට මේ කාර්යය අපහසු වුණේ නැහැ. බිත්තියේ කොනක රඳවා තිබුණ පන්දම අතට ගත්ත නම්ජුන් කුමරු ටිකෙන් ටික උමඟ ඇතුලට ගමන් කරන්න පටන් ගත්තා. එය හරියටම වංකගිරියක් වගේ. නිවැරදි මාර්ගයේම නොගියොත් ජීවිතය පවා අනතුරට ලක් විය හැකියි.

ටිකෙන් ටික උමඟ තුල ඈතට ගිය නම්ජුන් කුමරු ඒ කටයුත්ත ඉටු කර ගන්නකම් හනොක් ප්‍රධානියාව කතාවට අල්ලගන්න වගකීම පැවරුණේ හෝසෝක් කුමරුන්ට. නමුත් හනොක් ප්‍රධානී තුමාව රැවටීම හිතන තරම් පහසු වුනේ නැහැ. මේ වනවිටත් ඔවුන්ගේ කතාවට අඩ හෝරාවක් පමණ ගත වූ නිසා හනොක් ප්‍රධානීතුමා හිටියෙ සැකයෙන් වගේ.

"හෝයුන් තුමනි.........."

"ඕ.... පවසන්න හනොක් තුමනි."

"ඔබලා පැමිණියේ කුමන රාජධානියෙන්ද?"

හනොක් ප්‍රධානියා අහද්දි හෝසෝක් කුමරු ටික වෙලාවක් කල්පනා කලා. හනොක් වරුන් සමඟ විරුද්ධ නොවන රාජධානියක නමක් කියන්න ඕන වුනත් ඇත්තෙන්ම ඔහුට මේ වෙලාවෙ එවැන්නක් සිහියට ආවෙ නැහැ. ඒ නිසාම හෝසෝක් කුමරු මඳක් නිශ්ශබ්ද වුණා. ටික වෙලාවකින් හනොක් ප්‍රධානියා මහ හයියෙන් හිනාවෙන්න ගත්තෙ හෝසෝක් කුමරුන්ව පුදුමයටත් බියටත් පත් කරමින්.

"බිය වන්න එපා හෝසෝක් කුමරුනි....... මම විහිළුවක් කලේ."

"ආහ්..........."

එක්වරම හනොක් ප්‍රධානියා කියපු දේ නොතේරුනත් ටික වෙලාවක් ගත වෙද්දි ඔහුගේ ඇස් ලොකු වුනේ හනොක් ප්‍රධානියා තමන්ගෙ ඇත්තම නමින් කතා කරපු නිසා. ඒ කියන්නෙ ඔහු තමන් කවුද කියලා හොඳින්ම දන්නවා.

"නුඹට පුදුම හිතුනද? මම හනොක් ප්‍රධානියා බව මතක තබාගනු. අනෙකුත් රාජධානි ගැන මා සතුව විශාල දැනුමක් තිබෙනවා. හේජොන් රාජධානියේ කිරුළ හිමි කුමරුන්ව මම කෙසේ නොහඳුනන්නද?"

හනොක් ප්‍රධානියා හෝසෝක් කුමරු වටේට ගමන් කරන ගමන් කතා කරද්දි හෝසෝක් කුමරු තවත් දෙයක් කල්පනා කලා. මේ වෙලාවෙ අනිවාර්යයෙන්ම නම්ජුන් කුමරු අවශ්‍ය ස්ථානයට ගිහින් ඇති. ඉතින් ඔහුට තවත් කාලය ඉතිරි කර දීමට නම් මේ වනවිට ඔහු සූදානම් කරගෙන තිබුණ දෙවැනි සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි. කට කොනින් හිනාවුන හෝසෝක් කුමරු හනොක් ප්‍රධානියාගේ මුහුණ දෙස කෙලින්ම බැලුවා.

BROKEN HEIR || ✓Where stories live. Discover now