ƈԋαρƚҽɾ 22

1.3K 180 54
                                    

ගෞරිගෙ කෝල් එකෙන් පස්සෙ හසරැල්ට මැසේජ් එකක් තියලා මං කාර් එකට නැග්ගා.. ඔය අතරෙ වැහි බිංදු එකින් එක පොළවට වැටෙන්නත් , ඒක  ලොකු වැස්සක් වෙන්නත් පටන් ගන්නකොට මං හිටියෙ ආයෙම ශොප් එකට යන අතරමග..

මම ශොප් එක ලඟින් කාර් එක නවත්තලා ඇතුළට යනකොට හසරැල් දොර ගාව ටේබල් එක ලඟ ඉඳන් එයාපොඩ්ස් දෙකත් ගහගෙන සින්දුවක් අහන ගමන් හිටියෙ.. 

මමත් එතනින් ඉඳගන්නකොටම හසරැල් එයාපොඩ් එකක් ගලවලා මට දුන්නා..

මේ මනුස්සයට මොනා වෙලාද ? කොයි වෙලෙත් එල්ලි එල්ලි රන්ඩුවටම ආපු කෙනා මෙච්චර කාම් වගේම ෆ්‍රෙන්ඩ්ලි විදියට හැසිරෙනකොට ටිකක් අමුතුයි වගේනෙ.. හා නැද්ද ?

ඒක නොගෙන එයාගෙ දිහා බලන් ඉන්නකොට හසරැල් ඇයි කියලා ඇහුවෙ ඇස් වලින්..

ඔලුව වනලා මුකුත් නෑ කියලා එයාපොඩ් එක එයාගෙ අතින් අරගන්නකොට මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා..  සුදූගෙන්

ක්ලාස් ඇරුනම මං එක්කන් යන්න එන්නම් කිව්වනෙ.. එකට ක්ලාස් ඉවරයි කියලා එයා කියලා තිබුනෙ..

වෙලාව දොළහයි කාලයි..

" ඔයාලගෙ ගෙදරට යන්න මෙතන ඉඳන් කොච්චර වෙලාවක් යනවද ? "

" විනාඩි විස්සක් වගේ යනවා. අදනම් වැස්සත් එක්ක ඊට වඩා ටිකක් වෙලා යයි.. "

මං අහනකොට දිනේත්‍ර උත්තර දුන්නා..

හසරැල්ව දාලා එන්න ගියොත් අඩුම පැයක්වත් යනවා.. එහෙම උනොත් සුදූව ගන්න යන්න පරක්කු වෙනවනෙ.. ඊට වඩා හොඳයි සුදූව එක්කගෙනම ඇවිත් හසරැල්ව දාන්න යන එක.. මෙතන ඉඳන් ටවුන් එකට මහ දුරක් නැති එකේ විනාඩි දහයෙන් , පහලවෙන් වගේ ක්ලාස් එක ගාවට යන්න පුලුවන්..

" දිනේත්‍ර.. සුදූව ක්ලාස් එකෙන් ගන්න ඕනෙ එකට.. ටිකක් ඉඳලා එයාවත් එක්කගෙනම යන්.. අවුලක් නෑනෙ.. "

" නෑ අනේ... මට මොන අවුලක්ද ? මට ඉතින් කීයට ගියත් එකයි..  "

හසරැල්ගෙ උත්තරේ උනේ ඒක..

වැස්ස නවතින පාටකුත් නෑ.. කොහොමත් මේ දවස් වල වහින්න ගත්තම පැය දෙක තුනක් එක දිගට වහින එකේ අද කියලත් වෙනසක් වෙයි කියලා හිතන්න බෑනෙ....

සුළඟ නුඹ ( Sinhala BL )Where stories live. Discover now