" හෙට ඔයා ෆ්රීනෙ.. පොඩි ගමනක් යමු.. "
අරගෙන ආපු උලුඳු වඩේ මල්ල සුදූටත් දීලා රූම් එකට යනකොට ෆෝන් එකට හසරැල්ගෙන් ආපු මැසේජ් එක ඔය..
කොහෙද කියලා ඇහුවට කිව්වෙත් නැති තැන ආපහු සැරයක් ඕක අහන්නෙ නැතුව හා කියලා එකඟ උනේ දෙපාරක් නොහිතා.. කොහොමත් ප්රතික්ෂේප කරන්න තරම් හේතුවක් තිබ්බෙත් නෑනෙ.හසරැල්ව දකින්නෙ සතියකට විතර පස්සෙ..
පහු ගිය සතියම ප්රැක්ටිස් එක්ක ඇකඩමි එකේ.. රිහසල් රවුන්ඩ්ස් කීපෙකින් පස්සෙ රෙකෝඩින්ග් එකත් ඉවර වෙලා මේ දැන් ගෙදරට ආවා විතරයි. මහන්සියක් නෑ කියලනම් කියන්න බෑ.. හැබැයි ඊලඟ රවුන්ඩ් එකට සිලෙක්ට් වෙච්ච සතුටුදායක නිව්ස් එක නිසා මහන්සියක් කියල එකක් දැනුනෙ නැති තරම්.. හසරැල්ට ඒක කියලා කෝල් කරේ රෙකෝඩින් එක ඉවර වෙලා එන ගමන්.. මං හිතන්නෙ ඒක ගැන මටත් වඩා සතුටු උන කෙනා එයා..
කොහොමහරි ඉතින් හෙට ඔය හසරැල් කියන ගමන මොකක් වෙයිද කියලා හිත හිත කුතුහලයත් එක්කයි නිදාගන්න ගියෙ..
" දැන් ඔයා මට කියන්නෙ ඔයා මේ ඊයෙ කියපු මහලොකු ගමන මේක කියලද ? "
පැළ ගොඩක් අස්සෙ අතරමං වෙලා වගේ ඇවිදින හසරැල්ගෙ පස්සෙන් යන ගමන් මං එහෙම ඇහුවෙ එයාගෙ මූණ තිබ්බ හිනාව දිහා බලාගෙන..
" නැතුව.. ඔයා හිතුවෙ කොහෙ කියලද ? "
" නෑ මං නිකන් ඇහුවෙ.. "
කියන්න දෙයක් නැති තැන එහෙම කියලා අත් දෙකත් පොකට් දෙක අස්සෙ දාගෙන හසරැල් එක්කම ඇවිදගෙන ගියෙ වටපිටාවට ඇහැ යවන ගමන්..
හොඳයි.. මං හිතන්නෙ ඔයාලට ගෙස් කරන්න පුලුවන් හසරැල් මාව එක්කන් ආවෙ කොහෙටද කියලා.. Plant exhibition එකක්.. ! Unexpected නේ ? ඔව් ඔව් එහෙම තමයි.. අපේ First date එක මෙහෙම එකක් වෙයි කියලා කවුද හිතුවෙ හත්වලාමේ..
" එදා ඔයාව මුලින්ම හම්බුන දවස මතකද ? අර ටවුන් එකේ ? "
හසරැල් එහෙම ඇහුවෙ ලඟ තිබ්බ රෝස පැල කලෙක්ශන් එකක් දිහා බලාගෙන..
" කොහෙ අමතක වෙන්නද ඒක.. ? මල් පැළයක් නිසා බැනුම් අහන්නත් උනානෙ.. "
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️