විශාල ඕක් ගහක් මුල බිම වාඩි වෙලා ඇස් පියාගෙන කුරුල්ලන්ගේ 'කිචි බිචිය' අහන් හිටිය මම හෙමින් ඇස් ඇරලා උඩ බැලුවේ තවමත් මට හෙවනක් වෙලා ඉන්න ඕක් ගහට "ස්තූතියි" කියලා හිතින් හිතන ගමන්මයි.
..................................................................
මම "Kaira", හැමෝම මට කිව්වේ Kai කියලා. මොකද සුප්‍රසිද්ධම Kai fashion design company එකේ අයිතිය මගේ. අම්මයි තාත්තයි මං පොඩි කාලෙම Divorce වුනා. තාත්තා එක්ක හැදුන මම තාත්තව දැක්කෙත් අවුරුද්දකට දෙපාරක්, තුන්පාරක් විතර. ගොඩක් වෙලාවට තාත්තා රටින් පිට හිටියේ, බිස්නස් ලෝකයේ ප්‍රබලයෙක් වගේම කෝටිපතියෙක් වුන නිසා. සල්ලි විතරක්ම නෙවේ ජීවිතේ කියන්නේ කියලා අම්මා තාත්තව දාලා ගියේ අලුත් ආදරයක් හොයාගෙනයි. මං තවම දන්නේ නෑ අම්මා කාටද ආදරේ කරන්නේ කියලා. තාත්තා අම්මා එක්ක divorce වුන දවසේ ඉදන් අම්මා ගැන වචනයක්වත් ගෙදර කතා කරේ නැහැ. මගේ කටින් 'අම්මා' කියලවත් පිට වෙන්න දුන්නේ නෑ. තාත්තා ගෙදර හිටියෙම නැති තරම් නිසා මාව බලාගත්තේ ගෙදර සේවිකාවන්. සැප සම්පත් නොඅඩුව ලැබුනත්, අම්මාගෙන්වත්, තාත්තගෙන්වත් කිසිම ආදරයක් නැතුව හැදුන මම මටවත් ආදරේ කරන්න දැනගෙන හිටියේ නෑ.
පොඩි කාලේ මගේ ලගින් හිටිය සේවිකාවක් තමයි මුලින්ම මේ උද්‍යානයට මාව එක්කන් ආවේ. ඕක් ගස් වලින් පිරිලා තිබ්බ මේ උද්‍යානය ඕක් වනාන්තරයක් කිව්වොත් නිවැරැදි.
එයාටත් මගේ වයසෙම දුවක් හිටියා. එයා "Joanne", අපි දෙන්නටම එකම වගේ ආදරෙන් සළකපු නිසා මම එයාට තාත්තා නැති හැමතැනදිම කතා කරේ අම්මා කියලා. Jo ත් මගේ පාසලටම ඇතුලත් කරන්න කියලා කීප වතාවක්ම තාත්තට කරදර කරපු නිසා අන්තිමට තාත්තා සියලූම වියදම් එක්ක Jo ව ඇතුලත් කරන්න කැමති වුනා. මගේ පන්තියටම ඇතුලත් වුන නිසා අපේ බැදීම් ගොඩක් ශක්තිමත් වුනා. ඇය මගේ හොදම සහ එකම යෙහෙළිය කිව්වොත් නිවැරැදි.ඒ වගේම සහෝදරියක් වුනා. අපි දෙන්නටම තිබ්බේ කොටට කපපු කොන්ඩ වගේම අදින්නේ පලදින්නේ වුනත් පිරිමි ළමයෙකුට සමානවයි. පාසලේ ක්‍රීඩා වලට අපි දෙන්නම එක වගේ දක්ශතාවයක් පෙන්වපු නිසා කැපී පෙනෙන චරිත දෙකක් වුනා. ගැහැණු ළමුන් පමණක් සිටි පාසලක් නිසා නිතරම වගේ එක එක යෝජනා ආවා. Jo හැමවෙලේම කෙල්ලෝ වට කරන් සෙල්ලක්කාර චරිතයක් විදිහට හිටියත් කවදාවත් කිසිම කෙනෙක් එක්ක සම්බන්දයක් ඇති කරගත්තේ නැහැ. මටත් කිසිම වෙලාවක කිසිම ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් ගැන උනන්දුවක් ඇති වුනේ නැත්තේ මට ආදරේ ගැන බිංදුවක විශ්වාසයක් වගේම හරි හැටි තේරුමක් නොතිබ්බ නිසා වෙන්න ඇති.
YOU ARE READING
පොරොන්දු ... (GirlxGirl)
Short Storyජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරු...