කායි සහ නූශි ඕක් උද්‍යානයේ සෑම සති අන්තයකදීම හමුවුනා. නූශිගේ නිමක් නැති කියවිල්ලට කායි නිහඬව වගේම සාමකාමීව සවන් දුන්නා. නූශි දැනන් හිටියා කායි ඇයගේ නෝට් පොතට තම දෙඇස් යොමාගෙන සිටියත් ඇයගේ සවන් තිබුනේ නූශි ළග බව.
..................................................................
" මේක සයින් කරාද?.."
"ඔව් ඔතන තියෙන ඔක්කොම සයින් කරලා තියෙන්නේ බං.."
ජෝ සහා කායි සුපුරුදු පරිදි කාර්යාලයට වී සිටින අවස්ථාවේදී යමෙක් කාර්යාල දොරට තට්ටු කරන්නට වුනා.
"Come in..."
"ආ..ඇයි මිස් රෝස්?"
කාර්යාලයට ඇතුලු වුන රෝස්ගේ මුහුණ අදුරු වුනේ ඇය කිසිසේත්ම ජෝ එහි සිටින්නට බලාපොරොත්තු නොවුන හෙයිනි."මං මේ... අද රෑ මගේ බර්ත්ඩේ පාර්ටි එකට එනවා නේද?... දෙන්නම..."
"හ්ම්... ඔව් එන්නම් අපි.."
"ම්ම්..කායි, ඔයා රෑටවත් මට විශ් කරයි කියලා මං හිතනවා... මං යන්නම්.."
රෝස් පිටව ගිය පසු ජෝ කායි දෙස බලා තමන් හිර කරන් හිටපු හිනාව කාර්යාලය පුරා විහිදුවා හැරියේ පුටුවකට බර වෙන ගමන්.
"උඹ විශ් කරේවත් නැද්ද? 🤣"
"නෑ ඕයි.. 😂😂😂"
"හම්මෝ😂."
"ජෝ.. මේ ෆෝන් එක වයිබ්බ්‍රේට් වෙනවා.. කෝල් එකක්... අම්මටසිරි ඇනාගෙන්...😏"
කායි තම මේසය මත වූ ජෝගේ දුරකතනය අතට ගෙන ඇයට දුන්නා.
"හෙලෝ.. කියන්න... ඔව් ඉන්නවා 👀 ඉන්න දෙන්නම්.."
"මේ උඹට කතා කරන්න ඕනෙ ලු."
"කියන්න ඇනා.. මොකක්? දැන්ම එන්නම් අපි."
"ඇයි මොකක්ද වෙලා තියෙන්නේ ?"
"නූශි ට හොදටම උණ ලු... මේ දෙන්නා විතරලු ගෙදර..."
"හරි අපි යමුකෝ."
ටික වේලාවකට පසු ඇනාගේ උදව් ඇතුව ඔවුන්ට පහසුවෙන්ම නිවස සොයාගන්නට හැකි වුනා. ඇනා දොර ලගට වී ඔවුන් එනතුරු මග බලන් සිටියේ නොසන්සුන්වයි.
"කෝ නූශි?.."
"එයා ඇදේ.. අපේ අනිත් අය ඊයෙම ගෙවල් වලට ගියා. මට ඊයේ කෝච්චිය මග ඇරුන නිසා නූශිත් මාත් එක්ක හිටියේ. ඊයෙත් ඔලුව රිදෙනවා කිය කිය හිටියේ රෑ. වැස්සට තෙමුනා ඊයේ ටිකක්. එපා කියද්දී ඇවිල්ලා නෑවා🥲.දැන් හොදටම උණ."
YOU ARE READING
පොරොන්දු ... (GirlxGirl)
Historia Cortaජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරු...