08.

232 23 2
                                    

"මොකක්ද බං වුනේ?...😳"

"පාර්ක් එකෙන් එළියට ආවා විතරයි බං."
.
.
.
.
.

"අදම ඩිස්චාර්ජ් කරන්න පුලුවන් මිස් කයිරා. තුවාලේ තියෙන නිසා රෙස්ට් කරන්න පුලුවන් තරම්. බෙහෙත් වෙලාවට ගන්න."

" තෑන්ක්ස් ඩොක්ටර්."

.........................................................................

කායි එදත් ඕක් උද්‍යානයට ගියේ තම හිත නිදසක් කරගැනීමේ අරමුණුනෙනි. මේ අතර නූශිගේ පියාගේ අනුදැනුම යටතේ පුද්ගලයෙකු කායිව ලුහුබැන්දේ දවස් ගණනක සිටයි. මෙදිනදී නූශිගේ පියා එම පුද්ගලයාට කායිට වෙඩි තැබීමට කියා තිබුනේ ඔවුන් දෙදෙනා සදහටම වෙන් කිරීමේ අදිටනෙනි. නමුත් කායිගේ පෙර පිනකට එයින් ඇය වෙඩික්කරුගෙන් බේරුනු නමුත් ඇයගේ උරහිස ප්‍රදේශය වෙඩිල්ලකින් තුවාල සිදුවිය.

....................................................................

"මේක ශුවර් එකටම නූශිගේ තාත්තගෙයි, අයියගෙයි වැඩක් බං."

"ම්ම්.. මටත් හිතෙනවා."

"උඹට වෙඩි තිබ්බ කෙනාව උඹ දැක්කද?"

"ම්හ්ම්, නෑ... ෆුල් ෆේස් හෙල්මට් එක. ඩුකාටි බ්ලැක් බයික් එකක් එච්චරයි."

"හ්ම්ම්.. මේක කොහොමහරි මං හොයාගන්නම්."

ජෝ තරහින් කියවද්දී කායි සිතුවේ නූශිගේ පියා මෙය සිදුකර ඇත්නම් ඔහුට නිශ්චිතවම උවමනා වී ඇත්තේ කායිගේ සුළගක්වත් තම දියණියට නොවැදෙන්නට බවයි. ඇයගේ තුවාලයට වඩා රිදුම් දුන්නේ ඇගේ සිතයි.

.........................................................................

"මම එයාව මැරි කරන්නම්. කායිට කරදරයක් කරන්න එපා."

නූශි කායිට සිදුවූ සියල්ල දැනගත් පසු හඬමින් තම පියා හා සහෝදරයා ඉදිරියේ දණින් වැටුණි.

"සුදූ එපා ! ඔයා අකමැති දෙයක් කරන්නේ කොහොමද?"

"නැහැ.. කායිට කරදරයක් වෙනවා බලන්න මට ඕනේ නැහැ. මං මෙයාලා කියන දෙයක් කරනවා. මෙයාලට ඕනේ ඒකනම් මං ඒ දේ කරනවා ඒත් කායිට කිසිම දෙයක් වෙන්න බැහැ."

"නූශි ඒකට කැමති වුන එකට අපිට ගොඩාක් සතුටුයි. ජේකබ් ඔයාව හොදින් බලාගනියි. ඔයාට සතුටින් ඉන්න පුලුවන් සුදූ."

පොරොන්දු ... (GirlxGirl)Where stories live. Discover now