ඔවුන්ගේ විවාහ උත්සව දිනය උදාවුනා.සෑම දෙනාම නූශි දෙස ඇස් පිය නොහෙලා බලා සිටියේ ඇය වෙනදාටත් වඩා සුන්දරව දිස් වූ හෙයිනි.
.........................................................................
"ජෝ.."
"ම්ම්..?"
"මට නූශිව බලන්න ඕනේ."
ජෝ දුරකතනය පසෙකලා කායි දෙස තම දෙබැම එක් කොට බැල්මක් හෙලුවා.
"අපි යන්නේ නෑ කියලා කතා වුනා නේ බං."
"බෑ, මට එයාව අන්තිම පාරට බලන්න ඕනේ "
"එපා බං. මේ ඔෆිස් එකේ වැඩක් කරගෙන ඉමු. උඹ බොරුවට හිත රිද්දගන්න යන්නේ."
"ම්හ්ම් බෑ, මට යන්න ඕනේ."
"හිටපන් එහෙනම් මාත් එනකන්..."
කායි, එය නොතකා කාර්යාලයෙන් පිටවූ පසු ජෝ කායි ලුහුබැදි නමුත් ඒ වන විටත් කායි මෝටර් රථයට නැග වේගයෙන් ගමන් ආරම්භ කර තිබුනා.
"ශිට්,මේ යකා කියන දෙයක් අහන්නෙම නෑ නේ."
.........................................................................
දිනකදී තම පෙම්වතියව සිටි ඈ තවත් කෙනෙකුගේ අතිනත ගන්නා අයුරු කායි ඈතින් බලා සිටියේ නූශිට නොපෙනෙන ලෙසිනි. කායිගේ දෑස් වලින් වැටෙන්නට ඔන්න මෙන්න තිබූ කදුළු කැට ඈ අසීරුවෙන් වළකා ගැනීම නිසා ඇයගේ හිස රිදුම් දුනි. ඊටත් වඩා ඇගේ සිත මේ දසුන් වලින් නිරායාසයෙන්ම කැබලි බවට පත්ව යන අයුරු ඇයගේ ගතට දැනුනු අතර ඇගේ උගුරේ යමක් සිරවෙන්නාක් මෙන් දැනුනු වහාම ඇය තම අත ළග මේසය මත වූ වතුර වීදුරුව හිස් කරේ එක උගුරටයි.
පසුව ඇගේ කදුළු ඉතා දඩබ්බරව ඇස් වලින් ගිලිහෙන්නට පටන් ගනිද්දී ඇය උත්සව ශාලාවෙන් පිටතට පැමිණ, මෝටර් රථයට නැග තම උපරිමේට කෑගසමින් හඩන්නට පටන් ගත්තේ මෝටර් රථයේ සුක්කානමට දෙඅත් වලින් පහර දෙමිනි. ඇගේ මෙතෙක් ජීවිත කාලය පුරාවටම මෙතරම් හඩා වැළපුනු දිනයක් නම් නොතිබිණි. ඇය තම දෙඇස් පිස දමා නැවතත් වේගයෙන් ගමන් ආරම්භ කරේ නිවස කරා ගොස් විස්කි බෝතලයකින් සියල්ල අමතක කර දැමීමට සිතාගෙනයි.
නිවසට පැමිණි ඇය තම නිදන කාමරයට ගොස් දොර වසා දමා විස්ක් බෝතලයක් අතට ගත්තද ඇයට එය නැවත නැවතත් සිහි කරේ නූශිට වූ පොරොන්දුවයි.
YOU ARE READING
පොරොන්දු ... (GirlxGirl)
Short Storyජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරු...