"ආ...ව්.. රිදෙනවා... 😭"
විකී ඇය අසළට අඩියට දෙකට පැමිණ, ඇයගේ අතෙන් උරහිසට මදක් පහළට වන්නට අල්ලා ඇයව වේගයෙන් පඩිපෙළෙන් පහළ තට්ටුවට රැගෙන ගියා.
නූශිගේ කෑගැසීමත් සමග, පත්තරය කියවමින් සිටිය පියා එයින් ඇස් අහකට ගත්තා. කුස්සියේ සිටි මවත්, පොඩි නංගිත් බිය වී සාලයට දුව ආ අතර, ශෝන් කාමරයේ සිට දිව ආවා.
"අයියා..😳, ඇයි මේ?"
ශෝන් විකීගෙන් අසද්දී නූශි ඔහුගේ අතින් ගැලවී ශෝන් ළගට පැමිණ ඔහුව වැලදගෙන හඩන්නට වුනා.
"හුරතලේට හැදුවා ඔක්කොමලා එකතු වෙලා... තමුසෙට මොනවද ඕයි අඩු වුනේ අපෙන් ? "
"මොකක්ද පුතේ වුනේ?"
මව අසද්දී ඔහු ඔවුන්ට පෙන්වූයේ පින්තූර රාමුවයි.
"සුදූ ඇයි මෙහෙම කරේ?"
මව එසේ අසමින් පුටුවකට වැටුනේ ඇස් වලින් කදුලු ගලද්දී.
" මේ කවුද?"
"තාත්තේ මේ කෙල්ලෙක්... 😅, සුදූව ගෙදරට එක්කන් ආපු කයිරා කියන කෙල්ල."
"මොකක්?😳"
නූශිගේ පියා තම පුටුවට බරව නූශි දෙස ගල් ගැසුනාක් මෙන් බලා සිටියා.
"දැන් බොරුවට අඩන්න එපා අයිසේ... බලනවා තමුසේ නිසා අම්මයි තාත්තයි දුක් වෙනවා."
ඔහු නැවතත් නූශිගෙ අතින් ඇද ඇයට කම්මුල් පහරක් එල්ල කරන්නට සැරසෙද්දී ශෝන් ඇයව තම තුරුලට ග්රහනය කරගනිමින් ඔහුව වැලැක්වූවා.
ඒත් සමගම විකී ඔහු අතේ තිබූ පින්තූර රාමුව පොළොවේ ගසද්දී එහි වීදුරුව කුඩු වී ගියා. මේත් සමගම නූශි අතේ තිබූ ඇයගේ දුරකතනය නාද වන්නට පටන් ගත්තා.
" උඹ මේක අදින් නවත්තන්න ඕනේ. එහෙම නොවුනොත් බලාගමු."
ඔහු එයද උදුරා ගනිමින් පොළොවේ ගසා පාගා දැමුවා.
..................................................................
"ආන්සර් කරන්නේ නෑ බං."
"සුදූ ගියේ තාත්තා එක්කනේ... පස්සේ කතා කරයි. ටික්කින් අරන් බලපන්."
කායිට ඇයගේ කටහඬ අසන තෙක් ඉවසුමක් නොවීය. එනිසා ඇය නැවතත් නූශිගේ දුරකතනය අමතන්නට වුනා.
YOU ARE READING
පොරොන්දු ... (GirlxGirl)
Short Storyජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරු...