වසරකට පසු....
.
.
.
.
.
.
.
.
.
.
."මොකද යකෝ උදේ පාන්දර බෙල් 🔔 එක කඩන්න හදන්නේ ???... හිටපන් මං එනවා...."
කායි තම හිස තුවායකින් පිසමින් ජෝඈන්ට ද බැන වදිමින් තරප්පු පෙල බැස ආවා.
"මූ මට හරියට නාගන්නවත් දෙන්නේ නෑ නේ..."
කායි තම මිතුරියට දොර විවෘත කළ අතර ඇගේ මුහුණේ තිබූ දගකාර සිනහව ක්ශනිකව අතුරුදහන් වුනේ ජෝ තනිව නොවන බව දුටු නිසයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
."නූශි..."
ජෝ සහා ඇනා සමග සිටියේ ඇයයි.
කායි ට දැනුනේ ඒ හැමදෙයක්ම සිහිනයක් ලෙසිනි...
තමන්ගේ පාද වල සමබරතාවය ගිලිහී, තමා වටා තිබෙන සෑම දෙයක්ම කෙමෙන් බොද වන බව හැගුනු විට ඇය තම දෙනෙත් වසාගනිමින් දොර වැසීමට තැත් කරත්ම ජෝ එය වළකමින් කායිව අල්ලාගනිමින් නිවස තුළට රැගෙන ගොස් ඇයට සෝපාව මත හිද ගැනීමට වාරු වූවා.
ඇනා දිව ගොස් වතුර වීදුරුවක් ගෙනවිත් කායිට දුන් පසු ඇය එය එක උගුරට හිස් කර වීදුරුව එහි තිබූ මේසය මත තබා යලිත් වරක් දෙඅත් වලින් හිස දෙපැත්තෙන් අල්ලාගෙන තම දෙනෙත් තදින් පියා ගත්තා.
"ප්ලීස් මේක හීනයක් වෙන්න...😖"
ඇය තමාට මුමුණාගත්තා.
"මචං, කායි උඹ හොදින්ද?"
"ම්හ්ම්..." කායි ජෝ දෙස බලා නැවත වරක් දොර වෙත නෙත් යොමු කරේ නූශි ගේ රුව එතනින් අතුරුදහන් වී යැයි බලාපොරොත්තුවෙනි.
නැහැ. එය සිහිනයක් නොවේ.
"ඇයි ආයෙමත්??"
කායි ඇසූ අතර... ඇගේ හිස කකියන්නට පටන් ගත්තා."බං, සුදූ කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා අහලා ඉන්න... ඒ කෙල්ල ආවේ මගේ කීමට.."
ජෝ එසේ පැවසුවේ කායිගේ රතු වූ දෑස් වලින් දුකක්ද තරහක්ද යන වග නොතේරුනු නිසාවෙනි.
"සුදූ , එන්න ඉස්සෙල්ලා ඉදගන්න."
කායි ඉදිරියේම වූ අසුනේ ඇය හිදගත් අතර ඇගේ මුවින් කිසිවක් පිට නොවුනි.
YOU ARE READING
පොරොන්දු ... (GirlxGirl)
Short Storyජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරු...