"කායි මං ඔයාට ආදරෙයි. ඔයාට ඇයි ඒක තේරෙන්නේ නැත්තේ?"
කායි කිසිවක් නොකියා, එක අතක් නිකටට තබාගෙන පුටුවේ එක් පසෙකට බරව තම දුරකතනය දෙස බලාගෙන සිටියේ රෝස්ව නෑසෙන පරිද්දෙනි.
"ඔයාට මගෙන් හැමදාම පැනලා යන්න බෑ කායි. මට උත්තරයක් දෙන්න මට කැමති ද? නැද්ද?"
රෝස් නැගිට තරහින් කෑගසමින් කායි ගේ දුරකතනය ඇය අතින් ඇද තමා වෙත උදුරා ගත්තා.
"මං ඔයාට කවදාවත් බලාපොරොත්තු දුන්නේ නෑ මිස් රෝස්... ඔයා ගැන මට ආදරයක් නෑ."
කායි ඉතාමත් සැහැල්ලුවෙන් වගේම සන්සුන්ව තවමත් පුටුවට බරව ඇයට පිළිතුරු දුන්නා.
මේ අතර කාර්යාල දොරට තට්ටු කල ජෝ එයින් හිස පමණක් ඇතුල් කොට,
"කායි ඔයාව කෙනෙක් හම්බෙන්න ඇවිත්."
"ඇතුලට එවන්න."
.
.
.
.
.නූශි නැවුම් සිනාවකින් හා රෝස පාට කම්මුල් වලින් යුතුව කාර්යාල දොරෙන් ඇතුලට පැමිණ කායි වෙත දුව ආවේ කුඩා දරුවෙකු පරිද්දෙන.
" හැපි බර්ත් ඩේ මගේ පුංචි සුරංගනාවී !"
කායි තම අසුනෙන් නැගිට තම දෙඅත් වලින්ම ඇයව වැලදගෙන මදක් ඔසවා කම්මුල මත හාදුවක් තැබුවා.
රෝස් ඔවුන් දෙස කිසිවක් සිතාගැනීමට නොහැකිව බලා සිටින බව කායි දුටුවා.
"බබා...මේ ඉන්නේ මිස් රෝස්.."
"මිස් රෝස්, මේ මගේ ගර්ල් ෆ්රෙන්ඩ්...නූශි 😌"
"Hello...😊"
නූශි, රෝස් දෙස බලා සිනාවකින් සංග්රහ කල නමුදු රෝස් තම අත තිබූ කායිගේ දුරකතනය මේසයට වීසිකොට රතු වුන දෑසින් යුතුව කාර්යාලයෙන් පිටව ගියා.
" ඒ මොකක්ද එයාට වුනේ... 👀"
" ඒකෙන් වැඩක් නෑ... කෝ බලන්න ඔයාගේ ලස්සන...😏"
කායි නූශිගේ එක් අතකින් ගෙන ඇයව, ඇය වටාම වටයක් කරකවා ඇයගේ නිල් පැහැති දෙනෙත් වලටම ගැලපුන තරමක් කොට වූ නිල් ගවුමත්, ඇයගේ තද දුඹුරු දිගු වරලසත් අගයන්නට වුනා. එයින් ඇයගේ රෝස පැහැ කම්මුල් තව තවත් ලැජ්ජාවෙන් රතු පැහැයට හැරුනා.
YOU ARE READING
පොරොන්දු ... (GirlxGirl)
Short Storyජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරු...