"පුතේ මේ ඉන්නේ හේඩි,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.මගේ වයිෆ්."
ජෝ පිටතට ගොස්, කායිගේ මවගේම වයසේ පසු වූ තවත් කාන්තාවක් රෝහල් කාමරය තුළට ඇය සමග රැගෙන ආවා. ඇය කායිගේ මවට වඩා උසින් වැඩි හීනි සිරුරක් ද, උරහිස දක්වා දිගු චොක්ලට් පැහැති කොන්ඩයකටද හිමිකම් කීවා.
"කායි , පුතේ.. මම හේඩි."
හේඩි එසේ පවසන විට කායිගේ මුහුණෙන් කිසිම හැගීමක් දිස් වුනේ නැහැ. ඔවුන් තුළ පැවති දැඩි නිශ්ෂබ්දතාවය නිසා කායිගේ මව නැවත කතාව ආරම්භ කරා.
"මට මේ ගැන කාටවත් කියන්න ඕන වුනේ නැහැ කායි. අපි දෙන්නා අපි දෙන්නට ගොඩාක් ආදරේ කරනවා...."
යැයි පැවසමින් ඇය හේඩිගේ අතකින් අල්ලා ගනිමින්,
"මට හේඩිව හම්බුනේ මගේ ජීවිතේ අමාරු කාලෙදී..."
"ඇයි මාව දාලා ගියේ?"
කායිගේ මුවින් පිට වුනේ එපමණයි.
"පුතේ, එළියට බහිද්දී මං මොකුත්ම ඔයාගේ තාත්තගෙන් අරන් ගියේ නෑ. ඒ නිසා ඔයාව මට වඩා හොදට තාත්තට බලාගන්න පුලුවන් නිසයි මං ඔයාව එයා ගාවින් තියලා ගියේ."
"එහෙමද? ඔයා සල්ලි අමතක කරලා ආදරේ හොයන් ගියා..😅 හැබැයි මට ඒක නැති කරා. ආත්මාර්ථකාමී කෙනෙක් ඔයා."
"ඒයි එපා බං."
"කායි, ඔයාගේ අම්මා ඔයාව මතක් නොකරපු දවසක් තිබ්බේ නෑ. ඔයා ගැන එයා හෙව්වා. එයා ඔයාට ගොඩක් ආදරෙයි පුතේ."
හේඩි එසේ පවසද්දී කායි කිසිත් නොපවසා නැවත ඇදේ වැතිරී,
"මං නිදාගන්න ඕනේ."
"මං එන්නම්, ඔයාලා යන්න.."
හේඩි ඇරෙන්නට අනෙක් සැවොම කායිව කාමරයේ තනි කරමින් එතැනින් පිටවූවා.
"ඇයි මෙහෙම කරගත්තේ?"
කායිගේ හිස සෙමෙන් පිරිමදිමින් ඇය අසද්දී කායි සෙමෙන් හේඩි දෙස හිස හරවා බැලුවා.
"මගෙන් කාටද වැඩක් තියෙන්නේ ?"
කායිට ඇගේ පැණය මගහරින්නට නොහැකි වූයේ ඇයගේ දෑස් වලින් සෙනෙහසක් දිස් වුණු නිසයි.
YOU ARE READING
පොරොන්දු ... (GirlxGirl)
Historia Cortaජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරු...