Author's POV:
සුපුරුදු විදිහටම කායි සෑම ඉරිදා හවසකම ඕක් උද්‍යානයට ආවා. ඒ වගේම ඒ හැම දවසකම එයා දැකපු ලස්සන ගැහැනු ළමයත් එයාගේ යාලුවෝ එක්ක මෙතන්ට එන්න පුරුදු වෙලා හිටියා.
"ම්හ්ම්..." කායි උගුර පෑදුවේ එයා හැමදාම වාඩි වෙන ඕක් ගස් හෙවනේ අද ඒ ගැහැනු ළමයා වාඩි වෙලා ඉන්නවා දැකපු නිසයි.
"ඕහ්.. සොරි.. මං දැකලා තියෙනවා ඔයා මෙතන වාඩි වෙලා ඉන්නවා..." එයා ලස්සනට හිනා වෙලා එහෙම කිව්වේ හුගක් සුහදවයි.
"දකිනවා නම් මොන රෙද්දටද මගේ තැන ඉදගත්තේ..." කායි එයාටම මුමුනගත්තේ අහක බලන ගමන්.
"ම්ම්..සොරි මොකක්ද කිව්වේ?"
"මොකුත් නෑ...එහාට වෙන්න 😑" කායි උස් හඩින් එහෙම කියද්දී ඇය කායිට ඉඩ දුන්නා.
"එයාගේ කටහඬ කෙල්ලෙක්ගේ වගේ. 😶 මං හිතුවේ කොල්ලෙක් කියලා. හැබැයි ඉතින් වචන දෙක තුනක් කතා කරා කියලා මට හරියටම කියන්නත් බෑ නේ."
කායි තමන්ගේ ඔලිව් පාට නෝට් පොතයි, පැන්සලයි අතට ගත්තේ හිතට එන දෙයක් අදින්න හිතාගෙනයි.
" මං නූශි... ඔයා කවුද?.. 😁 " නූශි කායිට අත දික් කරා. කායි නූශිගේ මූන දිහා බලලා ආයෙමත් නෝට් පොත දිහා බලාගත්තේ නූශි කියලා කෙනෙක් එතන නෑ වගේ.
"අප්පෝ පුදුම නපුරුකමක්...😒" නූශි හිතින් හිතලා ආයෙත් කතා කරන්න පටන් ගත්තා.
"මං ඔයාව හැම ඉරිදාවකම දැක්කා මෙතන ඉදගෙන ඉන්නවා. ඔයා හැමදාම ඔලුව පාත් කරන් මොනාදෝ අදිනවත් මං දැක්කා. ඔයා චිත්‍ර අදින කෙනෙක්ද? මට බලන්න පුලුවන්ද? ඔයා ඔය මාස්ක් එක කවදාවත් ගලවන්නේ නැද්ද? 🤣 මොකක්ද ඔයාගෙ පොතේ print කරලා තියෙන නම පෙන්නන්නකෝ.."
එහෙම කියලා නූශි බිමටම නැමිලා කායිගේ නෝට් පොතේ පිට කවරේ දිහා බලන්න උත්සාහ කරා.
"K...a.." නූශි කියවන්න උත්සාහ ගද්දී කායි පොත වේගෙන් වහලා දාලා පැත්තකින් තිබ්බේ නූශි පැත්තට හැරෙන ගමන්.
"මේ... ඔයා කවුද මොකද කරන්නේ කියන එක මට වැඩක් නෑ... අනික ඔයාට පිස්සුද නොදන්න මිනිස්සු එක්ක හොදට ඉදගෙන කියවන්නේ..? ඔයා ඔයාට හම්බෙන හැමෝම එක්ක මෙහෙමද ඈ?"
YOU ARE READING
පොරොන්දු ... (GirlxGirl)
Nouvellesජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරු...