"ගුඩ් මෝර්නින් මහත්තයෝ..."
ජෝ කාමරේ ජනෙල් තිර මෑත් කරද්දී අනවසරෙන් වගේ ඇතුලට ආපු හිරු කිරණ කායි ගේ මුහුණට පතිත වීමත් සමග ඇය අවදි වුනා.
"ඔලුව රිදෙනවා..."
"ආ එහෙමද... ඔලුවක් තියෙනවා ද?"
ජෝ, කායිගේ ඔලුවට පහරක් එල්ල කරන ගමන් ඇද මත වාඩි ගත්තා.
"උඹට මොකක්ද වෙලා තියෙන්නේ..?"
"ඇයි?"
"ඇයි අහන්නේ... ඊයේ දවසම කාලත් නෑ...😑 මොකක්ද දවල් ඉදන් බොන්න තරම් උඹට තිබ්බ ප්‍රශ්නේ..."
" එහෙම ප්‍රශ්නයක් නෑ බං... රෝස් මාව අවුල් කරනවා සෑහෙන්න..."
"එයා කරදරයක් තමා... ඒත් ඉතින් ගනන් නොගෙන හිටපන් බං... ඒකි ඔය අගර දගර දාන්නේ කොහොමත් උඹේ අවධානය ගන්න... උඹ ඒක දුන්නොත් වෙන්නේ ඕක තවත් වැඩි වෙන එක... බලාපොරොත්තු වෙන දේ නොලැබුනාම එයාටම ඇති වෙයි වෙලාවක... එතකොට ඒකිම නවත්තයි ඔය කරන දේ..."
"හ්ම්ම්... වෙලාව කීයද?"
"දැන් නම් 9 ට කිට්ටු ඇති... නැගිටලා වොශ් එකක් දාගෙන ලෑස්ති වෙනවා යන්න. 11 වෙද්දී ඉන්නත් ඕනේ නේ."
කායි ප්‍රශ්නාර්ථයක් පිරුනු මුහුණින් ජෝ දෙස බැලුවේ කිසිම දෙයක් නොතේරුන නිසයි.
"NYC කොලේජ් එකේ Designing Competition එකේ Chief guests විදිහට අපි දෙන්නට invite කරා මතක නැද්ද? 😂"
"ශිට්... අමතක වුනා නේ...🥲"
"යනවා... හෝදගන්න ගිහින් ගදයි තමුසේ ගාව...😂"
"කටවහගනින්කෝ... 😂"
කායි ජෝ ගේ මූණට කොට්ටෙන් ගහන ගමන් නැගිටලා ගියා.
දෙදෙනාම NYC අධ්‍යාපන ආයතනයේ ආදී ශිෂ්‍යාවන් වූ අතර සහා ඔවුන්ගේ සාර්ථක ව්‍යාපාර හේතුවෙන් ප්‍රධාන අමුත්තන් විදිහට NYC ආයතනය විසින් පවත්වනු ලබන උත්සවයක් සදහා ආරාධනා කර තිබුනා.
..................................................................
" අද අපි ආරාධනා කරේ අප NYC අධ්‍යාපන ආයතනයේ විශිෂ්ඨ සිසුවියන් දෙදෙනෙකුට, ඒ වගේම කවුරුත් දන්න අදුරන සුප්‍රසිද්ධ 'Kai' ආයතනයේ ප්‍රධානීන්,
මිස් කයිරා විල්ස් සහ මිස් ජොඈන් ස්මිත්. බොහෝම ස්තූතියි අපේ ආරාධනය පිලිගෙන අද පැමිණියාට ඒ වගේම සාදරෙන් පිලිගන්නවා දෙදෙනාවම... අපි ගොඩාක් ආඩම්බරයෙන් කියන්න ඕනේ......"
YOU ARE READING
පොරොන්දු ... (GirlxGirl)
Short Storyජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරු...