ආදරේ වේදනා - 12 වන කොටස

1.1K 132 17
                                    

"එතකොට එදා ඔයා ගියේ නැද්ද ගෞරව් එයාව හොයාගෙන.. එදා මොකද උනේ.."

"එදා ගියා මන්. මගේ ජීවිතේ මූසලම දවස උනේදවස.. මං මතක් කරන්නවත් කැමති නැති දවසක් ඒ. අප්‍රේල් 21. මං වගේම අසරණ උන මිනිස්සුදවසට හැමදාමත් වෛර කරනවා ඇති තාමත්..."

2019 අප්‍රේල් 21
උදේ ඇහැරුණ වෙලාවේ ඉඳන් වෙන කරන්න මට කියලා වැඩකුත් නැති නිසා මම බලන් හිටියේ ටීවි එක දිහා. උදේම මහිම අද පාස්කු දවස කියලා පල්ලියට ගිය නිසා ගෙදර හිටියේ මම විතරයි. ලාවට වගේ බඩගින්නක් දැනෙද්දි මම කිචන් එකට ගිහින් බත් එකත් බෙදාගෙන ඇවිත් කන ගමන් හිටියේ..

"මෙන්න දැන් ලැබුණ විශේශ පුවතක්..
කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ සහ කටාන කටුවාපිටිය දේවස්ථානය තුල මීට ස්වල්ප වේලාවකට පෙර කිසියම් පිපිරීමක් සිදුවී තිබෙනවා. එය බෝම්බ ප්‍රහාරයක් බවයි වාර්තා වන්නේ. ඉන් තුවාල ලැබූ කිහිපදෙනෙකු මේ වනවිටත් රෝහල වෙත ගෙන යමින් පවතින බවටයි අපට තොරතුරු වාර්තා වන්නේ.
නැවතත් මෙන්න එම විශේශ පුවත.."

කකා හිටපු බත් පිඟාන සී සී කඩ විසිරෙනකොට මම ඉඳන් හිටපු පුටුවෙන් නැඟිට්ටේ වෙලා තියෙන දේ හිතාගන්න බැරුව. මොකක්ද ඒ වෙලා තියෙන්නේ. දෙයියනේ මහිම. ඔයා හොඳින් නේද.. ශිට් කතා කරලා බලන්න එයා ළඟ ෆෝන් එකකුත් නෑ. කාටද මං කතා කරන්නේ දෙවියනේ.. මේ වෙලාවේ අප්පච්චි ලංකාවේ ඇත්තේ නෑ.. ආකාශ්.. මට මතක් උන එකම කෙනා මගේ යාලුවා ආකාශ්..

ආදරේ වේදනා ||| Completed ||| Sinhala BL Where stories live. Discover now