ආදරේ වේදනා - 05 වන කොටස

1K 134 12
                                    

හරියටම මාසෙකට පස්සේ අද ඒ දවස උදාවෙලා. එයාගේ වාසියට උනත් සිද්දවෙන මේ විවාහයට මගේ කිසිම අකමැත්තක් තිබුනේ නෑ. මට ඕන උනේ එයා ළඟින් ඉන්න. ආදරේදි මිනිස්සු හරි බොළඳ වෙනවලු. ඒක ඇත්ත වෙන්න ඇති.

ගෙවුන මාසේ මට ඒ තරම් සතුටුදායක මාසයක් උනේ නෑ. ඇමතිතුමාගේ නෝනා ඒ කියන්නේ සුවහස්ගේ අම්මා දකින දකින තැන මට බනින්න පටන් ගත්තා. මූසලයා, කාලකණ්නියා, හිඟන්නා මේ නම් අහලා අහලාම මට හුරු උනා. ඒත් ප්‍රතාප් ඇමතිතුමා විතරයි මට ඒ ගෙදර හිටපු එකම සැනසීම උනේ. ඇමතිතුමා ඉන්න වෙලාවට නෝනා මට මොනවත් කියන්නේ නෑ. ගෙදර වැඩට ඉන්න අනිත් අයත් මාව ගනන් ගන්නේ නැතිකොට ඒ මිනිස්සු පවා මං දිහා බැලුවේ පිලිකුල් විදිහට. එයාලත් හිතනවා ඇති මම සුවහස්ගේ ඇඟේ බලෙන් එල්ලෙන්න ගියා කියලා. ඒත් කොහොම කියන්නද මම එහෙම කලේ නෑ කියන්න. එයාගේ බලාපොරොත්තුව වෙනුවෙන් මං මගේ ආත්මගෞරවේ පවා ඇපේට තිබ්බා. ඉතින් මොකටද ඕකට බෑ කිව්වේ නැත්තේ කියලා කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහයි අනිත් අය ගැන මම දන්නේ නෑ ඒත් මට මං ආදරේ කරන කෙනා වෙනුවෙන් කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ. දවසක සුවහස් මගෙන් මගේ පණ ඉල්ලුවොත් දෙපාරක් නොහිතාම මං ඒක කරනවා. මට කියලා කිසිම දෙයක් මේ ලෝකේ නෑ. හැමදෙයක්ම තියෙන එයා සතුටින් ඉන්න ඕන කිසිම දෙයක් නැති මට වඩා..

"මහිම ආකේත්‍ය වන මම මෙහි සිටින වික්‍රමසිංහ මුදියන්සේලාගේ ගෞරව් සුවහස් වික්‍රමසිංහ යන අයව මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස භාරගන්නා බවට සියලු සාක්ශිකරුවන් ඉදිරියේ දිව්රා පොරොන්දු වෙමි.."

හැමෝම බලන් ඉද්දි සුවහස්ව මගේම වෙනකොට මගේ හිතට දැනුන සතුට වචනවලට පෙරලන්න බැරිතරම්.. ඉතින් එයාගේ හිතේ කිසිම හැඟීමක් නැතුව අන්තිමට මාව එයාගේ නමට ලියවෙද්දි වාසගමක්වත් නැතුව ඉපදුන නිකම්ම නිකම් මහිම ආකේත්‍ය එක කාල සීමාවකට විතරක් මහිම ආකේත්‍ය වික්‍රමසිංහ උනා. තව අවුරුදු තුනකින් එයාව වගේම මේ නමත් මට නැති වෙලා යන බව දැන දැනම මේ මුරණ්ඩු හිත ඒ ආඩම්බරකාර ආත්මාර්තකාමි මනුස්සයා වෙනුවෙන් මහ ගොඩාක් ආදරේ පුරවන්න පටන් අරන්..

ආදරේ වේදනා ||| Completed ||| Sinhala BL Where stories live. Discover now