පස්වන කොටස

168 3 0
                                    

පොලිසිය ඉස්සරහ අන්කල් කා එක නවත්තද්දි මගෙ හාට් බීට් එක ඉබේටම වැඩි වුනා..ඔක්කොටම කලින් අන්කල් කා එකෙන් බැස්සා..මම බහින්න  කලින් අත් දෙක නලලෙ තියලා වැදගෙන ප්‍රාර්ථනා කරේ මට මොනා නැතත් මල්ලිව බලන්න හරි හම්බෙන්න කියලා..

"බහින්න දුව"

කා එකෙ දොර ඇරලා මට බහින්න  කියල අන්කල් පොලිසිය ඇතුලට ගියා...මාත් ඒ පස්සෙන්ම  ඇතුලට ගියා...ඇතුලට යනකොටම අයිනෙ ටේබල් එකෙ හිටපු අර කලු නපුරු  ....නෑ නෑ  එයා නපුරු නෑ..ඒ අන්කල් හොඳයි...එයා මාව අදුරගෙන මං දිහා ඇස් ලොකු කරගෙන බලාන  හිටියා...අන්කල් කෙලින්ම ඇතුලටම ගිහින් අර ඔෆිසර් ලග හිටගත්තා...ඔෆිසර් ඔලුව උස්සලා බලලා  එකපාරටම නැගිටලා ලස්සන හිනාවක් මූනෙ මවා ගද්දි මටත් පුදුම හිතුනා...

"මිස්ටර් මාන්නප්පෙරුම... මොකද මෙහෙ...ඉඳගන්න..."

අන්කල් ඉදගන්න අතරේ අන්කල්ට එහාපැත්තෙන් හිටන් ඉන්න මගෙ දිහා ඔෆිසර් උඩ ඉදන් යටට...යට ඉදන් උඩටමත් බැලුවා..මං හිතන්නෙ එයා මාව නෝට් කරගත්තා..මං අන්කල් ලගට තව ටිකක් ලං වුනා..

"මං ආවෙ .......මේ ලමයගෙ මල්ලි ඇරස්ට් කරලනෙ...මං ආවෙ ඒක ගැන කතා කරන්න.."

ආයෙත් ඔෆිසර් මං දිහා රවල බලද්දි මට මහා අසරණ කමක් දැනුනා...

"මිස්ටර් මාන්නප්පෙරුම ..අපි මේක ගැන ටිකක් තනියම කතා කරමුද.."

මගෙ දිහා බල බල ඔෆිසර් කියද්දි අන්කල් මට ඔලුව වනලා කීවෙ එලියට යන්න කියලා...
මාත් බිම බලාගෙනම එලියට ආවා..ඇතුලෙ මොනාද කතා කරන්නෙ කියල හොරෙන් අහගන්න විදියක් තිබ්බනම් මං අහන් ඉන්නවා...එහෙම කරන්න බෑ...ඒක පොලිසියනෙ...මං එලියටම ඇවිත් ගාර්ඩන් එකට වෙලා හිටියා..මට පුදුම තරම් නොසන්සුන්බවක්  දැනුනා..හැබැයි ගාර්ඩ්න් එක පට්ටට  හදලා...පට්ට ලස්සනයි...ටික වෙලාවක් කල්පනා කර කර ඉද්දි මට ගගන ආයෙ කෝල් කරා..

"කොහෙද ඉන්නෙ..".

"පොලිසියෙ.."

"කෝ කොතනද ..ඇතුලෙද ඉන්නෙ.."

මං වටපිට බලද්දි  සයිඩ් බෑග් එකත් දාගෙන අයියා එනවා..මං අත උස්සලා වැනුවම එයා මං ලගට ඉක්මනට ඉක්මනට ආවා...ආව ගමන් මං හැමදාම බලාපොරොත්තු වෙන හග් එක මට දුන්නා...එයා කොහෙදි කොතනදි හම්බුනත් මුලින්ම මාව පිලිගන්නෙ හග් එකකින්...මගෙ ඇස් වලට කඳුලු උනද්දි මං මටම කියගත්තා..අඩන්න එපා උමා ඉවසපන්...

Trust (sinhala)Where stories live. Discover now