දහනමවන කොටස

58 2 5
                                    

වාහනෙ නවත්තපු ගමන් යලා දඩි බිඩි ගාලා බැහැලා ගෙට දිව්වා...මං බැලුවා ඒත් ඇයි කියලා..යකෝ හරි වැඩක්නෙ ..එන්න යන් කියලා එක්කන් ඇවිත් මේමද සලකන්නෙ...අන්කලුත් මාත් එක්කම ගෙට ගොඩවුනා..මාත් හෙමින් හෙමින් යලාගෙ රූම් එක පැත්තට ගියා...යලා ඉන්නවා ආපු ඇඳුම් පිටින්ම ඇඳේ වැටිලා...මාත් ගිහින් ඇඳේ පැත්තකින් ඉඳගත්තා...මෙච්චර වෙලා මට මේම සලකපු හේතුව අහන්න හොඳම වෙලාව මේක තමයි කියල මට හිතුනා...

"මේ..ඕයි..ඇයි තමුසෙ මාත් එක්ක කතා කරන් නැත්තේ.මොකද වෙලා තියෙන්නෙ.."

යලා හෙලවුනේ වත් නෑ එහෙම්ම නෑහුන ගානට හිටියා..මං ඇඳෙන් නැගිටලා කාමරෙ තිබ්බ පුටුවක ඉඳගත්තා...

"කියනවකො..ඇයි මාත් එක්ක තරහින්.."

එකපාරම බස බස ගාලා නැගිටලා එයාගෙ බෑග් එකෙ මොනවද හෙව්වා..මාත් බලන් හිටියා මොකක්ද වෙන්නෙ කියලා..ටිකකින් බෑග් එකෙන් එයාගෙ පොන් එක එලියට අරගෙන..පෝන් එකෙ මොනවද හෙව්වා...එයා හැසිරුනේ හරි කේන්තියෙන්..මට හිතාගන්න බෑ  තරහ ගන්න තරම් මොනාද උනේ කියලා.

"ආ...මේක කියවනවා.."

හොයලා හොයලා අන්තිමේදි මට පෝන් එක දික් කරා..ඒකෙ තිබුනෙ චැට් එකක්..හෙන පතරංග චේද වගයක්..මං අරගෙන ඒක කියවන්න ගත්තා..උඩින්ම සේව්කරල තිබ්බෙ "ගගන" කියලා..මගෙ අතත් පන නැති උනා ඒක දැක්කම..මම කලබෙලෙන් කලබලෙන් ඒක කියවන්න පටන් ගත්තා.

"ඔයා මේ මැසේජ් එක කියවනකොට  මං මෙහෙ නෑ උමා..ඔයා බලන් ඉන්න ඇති මං කෝල් එකක් හරි ගන්නකන්..මං දන්නවා..මට සමාවෙන්න..මං මේ ගමන යන්නෙත් අමාරුවෙන් හිත හදාගෙන..ඔයාට කතා කරොත් මට හිත හදාගෙන යන්න බැරි වෙන නිසා ඔයාට සමු නොදීම මං යනවා...අපි වෙන් වෙලාද..නැත්නම් ටික කාලෙකට විතරක් ඈත් වෙලාද ..නැත්නම් අපි තාමත් ලගින්ම ඉන්නවද කියලවත් මං දන් නෑ උමා..මොන දේ උනත් උබට එහා කෙනෙක් ගැන මට හිතන්න හිතක් නෑ..පරිස්සමට වැඩ ටික කරගන්න..හැමදේම හරිගිය දවසක මං ලගට එන්න ඕනි කියල හිතුනම මං ලගට එන්න..මං බලන් ඉන්නවා...ආදරෙයි.."

"මේ මැසේජ් එක විතරක් උමාට යවනවද නංගි..ලොකු උදව්වක්.."

එච්චරයි කියවන්න උනේ යලා මගෙන් පෝන් එක උදුරලා ගත්තා..මට කිසිම දෙයක් හිතාගන්න බැරුව මං යලා දිහත් ඔහේ බලන් හිටියා..

Trust (sinhala)Where stories live. Discover now