විසිවන කොටස

75 4 5
                                    

"යං කාමරේට..ටිකක් නිදාගන්න දැන්.."

යලා මාවත් එක්කන් කාමරේට ආවා...

"උඹ හොඳින් නේද.."

මං ඔව් කියන්න ඔලුව වැනුවා...ඒ වනපු ඩිංගටත් ඔලුව කැක්කුමක් ආවා...අඬපු නිසා වෙන්නැති කියල හිතුනා මට..

"අනේ සොරි බන්..උඹේ තත්වෙවත් හිතන් නැතුව කෑ ගැහුවට.."

මං කතා කරනවා වෙනුවට ඒකට කමක් නෑ කියල කියන්න තොල් ඈත් කරල යලාට හිනාවුනා..."

"මාත් එක්ක තරහ නෑ නේද..දැන් ටිකක් නිදාගනින්..මායි අප්පච්චියි යනවා හොදේ..."

මං ආයිත් ඔලුව දෙපැත්තට වැනුවම..යලා අතින් මගෙ ඔලුව අවුස්සලා යන්න ගියා...
මාත් එහෙම්ම ඇඳේ පැත්ත වැටුනා..ඒ උනාට මං දන්නවා මට නින්ද යන් නෑ කියලා..මං ආයිත් නැගිටලා සාලෙට ගියා..තාමත් ඒ දෙන්න ගිහින් නෑ..

"යලා..එන්නකො පොඩ්ඩක්.."

මං යලාට කතා කරාම යලා මාත් එක්ක ආයිමත් කාමරේට ආවා...

"මට උඹේ පෝන් එක දියන්...ගගන අයියා උබත් එක්ක කතා කරනවා නේද..අනෙ මට එක කෝල් එකක් අරන් දියන් ප්ලීස්."

"පිස්සුද උඹට..උඹට ඕන තවත් ප්‍රශ්න වැඩි කරගන්නද...අනේ නටන් නැතුව ඉදපන් හොඳේ.."

"අනේ අහනවකො..මට එකම එක කෝල් එකක් අරන් දියන් බන් ප්ලීස්..මට කතා කරන්න ඕන.."

ආයිත් මං අඬන්න පටන් ගත්තම යලාට මලපැන්නා..

"මෙ උමා...හුරතල් වෙන්න එපා.ඌ ගියා..ආය ලබ්බක් කතා කරන් නැතුව දැන් හිත හදාගනින්..මං යන්න ඕන අප්පච්චි බලන් ඉන්නවා.."

යලා මට කෑ ගහලා යන්න ගියා..මං එහෙම්ම අඬ අඬම ඇඳට වැටුනා..අඬලම මගෙ ඔලුව රිදෙනවා.ඇස් ඉදිමිලා..මාව රතුවෙලා...මං ඇඳේ එක එක විදියට එක එක පැත්තට හැරි හැරී කල්පනා කර කර හිටියා..දෙතුන් පාරක් අම්මා ඇවිත් මාව බලලා ගියා..මුකුත්ම කීවෙ නෑ..ඇහුවෙත් නෑ..මල්ලි ගැන විස්තර අන්කල්ගෙන් අහගන්න ඇති කියල මට හිතුනා.. මං පෝන් එකෙ ලොක් ස්ක්‍රීන් එක සැරෙන් සැරේ ඔන් කර කර බැලුවා..මට දැන් ඉතුරු ඒක විතරයි...මතක් වෙන වාරයක් වාරයක් ගානෙ මගෙ කම්මුල් තෙමුනා..මට මහ අසාධාරණ විදියට මං ආස දේවල් මට නැතිවෙනවා...මං මොනා කරාටද මට මෙහෙම වෙන්නෙ..එයා කියලා තිබුනා.මට එහා කෙනෙක් ගැන එයාට හිතන්න බෑ කියලා..ඒ කියන්නෙ කවදහරි අපි එකතු වෙනවා කියන එකද...එයා අන්තිමේට මට කියල තිබුනු දේවල් වල මට සතුටු වෙන්න පුලුවන් හිත හදාගන්න පුලුවන් කොටස් මතක් කර කර මං මාවම සනසගත්තා..

Trust (sinhala)Where stories live. Discover now