අම්මට කෝමහරි තේරුම් කරල දෙනවා කියල හිතාන මං ගේ ඇතුලට ගියා..මුලින්ම කුස්සියට ගියේ අම්මව හොයාගෙන..එයා ඉතින් ඉන්නෙ කුස්සියමනෙ ..ම්ම් නෑ...කුස්සියෙ නැති නිසා මං ගේ වටේම හොයන්න පටන් ගත්තා..
"අම්මේ...අම්මේ.."
මෙයාට මොකක් උනාද කොහෙ හරි ගියාවත්ද...ටීවි එකත් දාලා..
"අම්මෙ ....මොකද මේ අම්මෙ.."
සෝෆා එකට පිටිපස්සෙන් මගෙ අම්මා බිමවැටිලා ඉන්නවා දැකලා මගෙ කකුල් දෙක පන නැති උනා..එයාට සිහිය නෑ..
"අම්මෙ ...අම්මෙ..නැගිටින්නකො..මොකද උනේ.."
අම්මව අමාරුවෙන් උස්සලා සෝෆා එකට හේත්තු කරල වතුර ටිකක් මූනට ඉස්සා...
" දවස් දෙකකට පෙර උත්පල ජයකොඩි ඇමති දියණිය වන 21 හැවිරිදි මනීෂා ගෞරීගෙ අතුරුදන් වීම පිළිබඳ සියලු තොරතුරු පොලිසිය විසින් මාධ්‍ය ට මුදාහැර ඇත...තරුණිය අපයෝජනය කර සාහසික ලෙස ඝාතනය කර ඇති බවත් ඒ සඳහා සැකකරුවන් ලෙස 20 හැවිරිදි තරුණයන් පස්දෙනෙක් මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවත් පවසයි..කුලියාපිටියේ පදිංචි හරිත් සඳකැලුම්,උතුම් කෞෂල්‍ය, උමේන් සංකලන, රියාන් සාතික් සහ සහන් කේෂර යන මෙම තරුණයන් එකම පාසලේ ඉගෙනගන්නා මිතුරන් බව තවදුරටත් දැනුම් දෙයි..."
"දෙයියනේ...."
ටීවී එකේ මල්ලිගෙ පොටෝසුත් එක්ක නිව්ස් යද්දි මටත් එහෙම්මම අම්ම ලගම බිම ඉන්දවුනා.. අම්මා මේක දැකල තමා ෆේන්ට් වෙන්න ඇත්තෙ..මං ටග් ගාලා නැගිටල ටීවි එක ඕෆ් කරා..ආයෙත් අම්මගෙ මූනෙ වතුර ටිකක් ගාලා අම්මව ඇහැරවගන්න ට්‍රයි කරා...
"අනේ නැගිටින්නකො අම්මෙ..අම්මේ...නැගිටින්නකො..."
එයාගෙ ඇස් ලාවට ඇරුනා..උස්සලා පුටුවෙන් ඉන්දුවම එයා මගෙ දිහා පුදුම වෙලා බැලුවා...
"අනේ ලොකු.....මල්ලි ...අනේ මගෙ කොල්ලා...ලොකූ.. මොනවද මේ වෙලා තියෙන්නෙ...නිව්ස් වලට පෙන්නුවා චූටිව..ඒ බොරු නේද ලොකු..අනෙ මගෙ කොල්ලා එහෙම කරන් නෑ."
අම්මා මාවත් අල්ලගෙන අඬ අඬ කියවද්දි මට කරන්නත් වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ..මාත් අම්මා එක්කම ඇඬුවා...
YOU ARE READING
Trust (sinhala)
Actionහැම බැඳීමකට අවශ්‍ය මූලිකම දේ විශ්වාසය...විශ්වාසය තියෙන තැන අනිත් හැමදේම පරාදයි..විශ්වාසය ගොඩනගා ගන්න සෑහෙන කාලයක් ගත උනත්, විශ්වාසය බිඳිලා යන්න තත්පරයක් ඇති...එතනින් එහාට ඒක යතාතත්වයට පත් කරනව කියන්නෙ කරන්න අමාරුම දෙයක්.. ඉතින්....තවත් කෙනෙක්ට විශ්ව...