දොලොස්වන කොටස

118 4 0
                                    

"හෙට උදේ 10ට  තෝමස් පාර්ක් එකේදි හම්බෙමු..."

ඒක දැක්කම ආයෙත් මගෙ හිත කූරු ගගා හිටිය දුක කොහෙදෝ  ගිහින් එකපාරම හදවතට ඩාන් ඩාන් ගාලා ගහන බයක් ආවා..යනවද නැද්ද...මට දැන් කල්පනා කරලම ඇති වෙලා...ජීවිතේට ප්‍රශ්න එනවා තමයි .ඒවගෙන් පැනල යන එක නෙවේ කරන්න ඕන මූණ දෙන්නයි ඕන..එක පාර හිතට ආව ගට්ස් වලින් මං රිප්ලයි එකක් දැම්මා...

"Okay "

ටික වෙලාවක්  යද්දි ගට්ස් බැස්සම මංම දුක් වුනා හදිස්සි උනා වැඩිද කියලා...කෝම හරි යනකොට යලාවත් එක්කන් යන්න ඕන කියල හිතා ගත්තා..සමහර විට මල්ලිගෙ කේස් එකට මේකෙන් මොකක් හරි හොඳ දෙයක් වත් වෙයිද දන් නෑනෙ.... මට ඒමත් හිතුනා..

අන්කල්ට කතා කරල බලන්න ඕන...කතා කරන්නවත් බැරි උනා..ඒමම හොස්ස දාලා පොඩ්ඩක් බැලුවෙ අම්මා මොකද කරන්නෙ කියලා...එයා කුස්සියෙ බරට වැඩ...අන්න දැක්කද සුදු නෝනා...  කියනදේ අහන හොඳ ලමයෙක්නෙ මට ඉන්නෙ...ආදරේ හිතෙන්නෙ ඔය වෙලාවට තමයි...
එලියක යන්නත් නෑ ගෙවල් දොරවල් වහගෙන බයේ ගේ අස්සට වෙලා ඉන්න වෙලා..මාත් ආයෙත් වැඩ පටන් ගන්නවා කීවට  වැඩපලේ තත්වෙ කෝමද දන් නෑනෙ...මිනීමරුවගෙ අක්කා කියලා මාව එලවගත්තොත් ඒම කියලා මට සෑහෙන චකිතයක් හිතේ තිබ්බා..චූටි මොනා කරනවද දන් නෑ.එයාවත් මතක් උනා..
එහෙම්ම පෝන් එක රින්ග් වෙද්දි  මට මතක් උනේ ජයකොඩි ඇමතිගෙ දුව...නෑ නෑ...මාන්නප්පෙරුම අන්කල්.

"හෙලො අන්කල්...මං මේ අන්කල්ට ගන්න කියල හිටියෙ.."

"ඇයි දරුවො මොකක් හරි ප්‍රශ්නයක් ද නෑනෙ.."

"නෑ නෑ අන්කල්..විස්තර බලාගන්න ගන්න හිටියෙ..."

"ආ..මං මේ සුභ ආරංචියක් කියන්න තමයි ගත්තෙ..."

"මොකක්ද අන්කල්..."

"අනිද්දට උමේන් දරුවව බලන්න යන්න පුලුවන් .."

"අනේ ඇත්තමද අන්කල්..අනේ හොඳයි..අන්කල්ටයි මටයි විතරද පුලුවන්..අම්මව එක්කන් යන්න බැරිවෙයිද අන්කල්.."

මට ආව සතුටට ඇස් දෙක බොඳ වෙලා ගියා...කාලෙකින් සතුටු  හිතෙන ආරංචියක් ඇහුවනෙ..මල්ලි බලන්න යන්න තියේ කියන්නෙ...මල්ලිගෙන් අහන්න කොච්චර දේවල් තියෙද   ...බනින්න කොච්චර තියෙද..හුජ්ජ කොල්ලා කොහෙද යන එකක පැටලිලා මෙතන විදින වදේ...හම්බුනාම කනේ පාරක් ගහන්න තිබ්බනම් තමා හොඳම..කොහෙද  ඕකෙ ඇතුලෙ ඕවා කරලා මාවත් කූඩුවට දායි..මාව පාලනෙ කරගෙන ඉන්න ඕන....

Trust (sinhala)Where stories live. Discover now