"අයියෙ.."
අයියා ගැස්සිලා මගෙ දිහා බැලුවා...මං කීවෙ එයා හිටියෙ බර කල්පනාවක..
"අම්මො මෙයා ගිහිල්ලා හිටිය දුරක්..මොනවද කල්පනා කරන්නෙ.."
"ඔයා ආවද....එන්න.."
එයා හිටියෙ හරිම කලබලෙන්...මං මීට කලින් කවදාවත්ම දැකලා නෑ එයා එච්චර කලබලෙන් ඉන්නවා...දඩ බඩ ගාලා බයික් එකට නැගල මටත් නගින්න කීවා..ඒත් එතනින් එහාට යන්න කලින් මොකක්ද වෙලා තියෙන්නෙ කියල දැනගන්න එපැයි...
"ඇයි මේ කලබලෙන්...මොකක්ද උනේ කියන්නකො.."
"මොකක්ද ඔයා ඔය ඇඳන් ඇවිල්ල තියෙන්නෙ..ටිකක් පිලිවෙලට එන්න එපැයි..."
මගෙ ඇඳුම දිහා බල බල අයියා බැන්නා..යකෝ මං හොදට ඇදලා හිටියේ...හැබැයි තීත්ත ගවුමක්..ඒ උනාට ඒක ලස්සනයි..මහවත්ත පාරට එන්න මේක හොඳ වැඩී...
"අයියේ...මොකද වෙලා තියෙන්නෙ කියල ඉන්නකො ඉස්සෙල්ලා.."
"කෝ ඔයා අර මං කිව්ව ඒවා ගෙනාවද.."
"ඔව්.."
"අම්මට මොනා කියලද ආවෙ.."
"මොකුත් නෑ..එයා එහෙම ඇහුවෙ නෑ. ඇයි කියන්නකො...."
"මේ අහන්න සුදු.."
මගෙ උරිස් දෙකෙන් අල්ලගෙන එයාගෙ ඇස් මගෙ ඇස් එක්ක යා කරා..මට මහා බයක් දැනුනා..එයා කලින් මේ විදියට හැසිරිලා තිබුන් නෑ .
"අඳ ඉදන් ඔයා මගේ..මං ඔයාගෙ..."
"ඉතින් ඒක කවදත් ඒමනෙ.."
"නෑ නෑ..අද ඉඳන් ඉස්සරහට ඔයා ඉන්නෙ මාත් එක්ක..අද අපි මැරි කරනවා..."
"මොකක්..."
අයියගෙන් ඈතට අඩි දෙක තුනක් මං විසික් උනා...ඒක හරියට මාව කවුරු හරි තල්ලු කරා වගෙ...එයාගෙ ඒ වචන වලට මං ඒ තරම් ෂොක් උනා...
"මොනවද ඔයා කියවන්නෙ.."
"අහන්න සුදු..ඔයාට මාව ඕන නේද...අපි ඉක්මන් උන් නැත්නම් අපිට අපිව නැතිවෙයි..."
"මොනවද කියන්නෙ..ඇයි එහෙම වෙන්නෙ..අපි ගෙවල් වලින් කැමැත්ත අරන් ලස්සන වෙඩින් එකක් අරන් නේද එකතු වෙමු කීවෙ..ඒක අපේ හීනයක්නෙ..අනික මේ ප්‍රශ්න අස්සෙ ඔයා මොනවද කියවන්නෙ.."
YOU ARE READING
Trust (sinhala)
Acciónහැම බැඳීමකට අවශ්‍ය මූලිකම දේ විශ්වාසය...විශ්වාසය තියෙන තැන අනිත් හැමදේම පරාදයි..විශ්වාසය ගොඩනගා ගන්න සෑහෙන කාලයක් ගත උනත්, විශ්වාසය බිඳිලා යන්න තත්පරයක් ඇති...එතනින් එහාට ඒක යතාතත්වයට පත් කරනව කියන්නෙ කරන්න අමාරුම දෙයක්.. ඉතින්....තවත් කෙනෙක්ට විශ්ව...