දහතුන්වන කොටස

116 4 0
                                    

"ලොකූ...ඇත්තද මේ කියන්නෙ.."

මං ගැස්සුණා ඒකට නම්..

"ඔව් අම්මා.උමාගෙන් අහන්න දෙයක් නෑ  ...මං ආවේ ඊට වඩා දෙයක් අම්මා එක්ක කතා කරන්න."

ආයෙත් අම්මා මං දිහා රවලා බැලුවා..අම්මා හිතනවා ඇති මේවා මාත් දැනුවත්ව වෙන දේවල් කියල...පිස්සුද  අම්මා ඔය මනුස්සයා බෙල් එක ගහනකන් මං ඒ වගක්වත් දන් නෑ..අම්මා මට රවන රවන ගානෙ මං ගගන අයියට රැව්වා. 

"අම්මා  අපි දෙන්න  හිතන් හිටියේ අපි බඳින්න සුදුසුයි කියල  තේරුනාම  ගෙවල් වලට කියලා එයාලගෙ කැමැත්ත ආශිර්වාදය එක්ක එකතු වෙන්න..."

ආයෙත් අම්මා මං දිහා කන්න වගේ බැලුව.මං අහක බලාගත්තා..මගෙ පපුව ඩිං ඩිං ගානවා...එහෙන්  චූත් බරයි ..

"ඒත් අම්මා දැන් මේ මල්ලිගෙ ප්‍රශ්නයි තව පොඩි පොඩි හේතුත් එක්ක එහෙම බලන් ඉන්න බැරි තත්වයක් ඇවිත් තියෙන්නෙ ..මට  රට යන්න වෙලා. මේ වෙලාවෙ  මේක ගැන ගෙදරට කීවොත් මේ ප්‍රශ්න එක්ක අම්මා එයාල  කැමති වෙන් නෑ..මං ඒක හොදටම දන්නවා..."

අම්මා ආයෙත් මං දිහා බැලුවා...මං ගගන අයියා දිහා බැලුවා..ගගන අයියා සැරෙන් සැරේ මායි අම්මයි දිහා බැලුවා...

"ඉතින් ඔය ලමයා දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නෙ.."

ගගන අයියා කට අරින්න කලින් මට ගිහින් කටේ මොනා හරි ඔබන්න හිතුනා..එපා
..එපා ...එපා... අයියේ ඕකනම් අම්මට කියන්න එපා....ඕක කීවොත් නම් බඩගාගෙන තමා යන්න වෙන්නෙ  ...

"මෙ- අම්මා.මේ ප්‍රශ්නෙ විසදන්න නම්..මායි උමයි මැරි කරන්න ඕන..මං අනිද්දට රට යනවා...එහෙම උනොත් මටයි උමාටයි අම්මටයි තුන් දෙනාටම ඒ ගමන යන්න පුලුවන්..."

හරි...ඔය කොරේ....

"එතකොට මගෙ කොල්ලා...ඔය දරුවා ඒ ප්‍රශ්නෙ ගැන දන්නවනෙ..."

අයෙත් ගගන අයියා කට හදද්දි මට 'එපා...' කියල කෑගහන්න හිතුනා.ඕක නම් කියන්න එපා..දෙයියනේ අම්මා කෙනෙක් ඔය වචන ඉවසන් නෑ...

"මල්ලි කරල තියෙන්නෙ එසේ මෙසේ වැරැද්දක් නෙවේනෙ අම්මා..මල්ලි ඒකට දඬුවම් විඳින්න ඕන.."

Trust (sinhala)Where stories live. Discover now