එකොළොස් වන කොටස

117 4 2
                                    

හත්දෙයියනේ ඉන්න බෑ..ඔක්කොටම කලින් වොශ් රූම් යන්න උනේ ටෙන්ශන් වැඩි නිසා මට එන ලෙඩේට....වොශ්රූම් එකටත් පෝන් එක අරන් යන පුරුද්ද මට පොඩි කාලෙ ඉඳන්ම තියේ....සැප පහසුවට ඉදගෙන යලාගෙ  චැට් එක ඕපන් කරගත්තෙ  ඇමති දුවගෙ කෝල් එක ගැන කියන්න හිතාගෙන..මට උපදෙසක් අරහෙ මෙහෙ හම්බුන් නැතත් ඕකිට කීවාම මට නිකන් ප්‍රශ්නෙන් බාගයක් විසඳුනා වගේ දැනෙනවා...

"බල්ලො මෙ..."

"මොකත සඳරාණී...කියාපන්.."

"මෙ අහනවකො..අද මට කෝල් එකක් ආවනේ.."

"හරි වැඩේ නෙහ්...උබට කෝල් එකක් ඇවිල්ලනේ..🙄😂"

"අහපන් යකො කාගෙන්ද කියලා.."

"කවුත කවුත..."

"රාස්සයෙක්..."

"මොකටද ආවෙ.."

"පාටක් සොයන්න "

"මොන පාටද..."

"බල්ලො නවත්තපන් ...විහිලු නෙවේ යකෝහ්..."

"😂😂 සොම්රි සොම්රි..කවුද කතා කරේ දැන්..."

"ජයකොඩි ඇමතිගෙ දුව බන්....😟"

"🙄 අර මැරිච්ච එකී.....උබට කතා කරා😂"

"ඒකි නෙවේ..බල්ලො....එකිගෙ නන්ගිලු..මාව හම්බෙන්න ඕනලු....."

"සිරාවට ..නන්ගියෙකුත්  ඉන්නවද...."
"මෙ හම්බෙන්න ඒම යන්න එපා උඹ ඈ..මරල හංගයි උඹව.."

"සිරාවට 🙂 උඹ මාව බය කරනවා...මං එන්නම් කීවා.."

"යකොහ්..තෝ යනවද.."

එහෙම්ම පෝන් එක රින්ග් වෙන්න ගත්තෙ මේකි ගන්නවා අර ටකරම හොල්ලන්න..

"හෙලෝ....මේ උඹ සිරාවටමද කියන්නෙ.."

"ඔව් ඔව් යකෝ...මං මුලින් බෑ කීවා...පස්සෙ ඒකි කීවා බය වෙන්න දෙයක් නෑ එයා විතරයි දන්නෙ මේ ගැන කියලා...."

"උඹ ඇහුවෙ නැද්ද  ඇයි හම්බෙන්නෙ කියල...."

"ඇහුවා ඇහුවා...එයාගෙ අක්කයි...මගෙ මල්ලියි ගැන කතා කරන්න කීවා.."

"සිරාවට..උඹට බය නැද්ද බන්..සැක නැද්ද....මෙ  උඹ තනියම ඒම යන්න එපා ඈ.."

"මං තාම යනවද කියල කල්පනා කරනවා ඕයි...."

"ඒකනේ...බොන්න ඕන ප්‍රශ්නයක් මේක.උඹ අපෙ  තාත්තට කීවෙ නැද්ද..."

Trust (sinhala)Where stories live. Discover now