එය පූර්ණ චන්ද්‍රයාගේ ආධිපත්‍යයට යටත් විය යුතු දිනක් වුවත් අඳුරැ වලා වලින් වටකුරැ සඳ වැසි ඇති නිසාවෙන් අහස්කුසේ රජයමින් තිබුනේ ඝන අන්ධකාරයයි. බෙන්තර ගංඟාවෙන් එතෙරක හැතැම්ම ගණනාවකින් ඈතින් තිබුන විශාල වපසරියක පැතිර ගිය වලව්වකට අයත් විසල් තුරැලතාවන්ගෙන් වටවුනු වපසරියක් මේ අඳුර පරයා යමින් ගිනිදලු වලින් ආලෝකමත්ව තිබුනා. මැදියම් රැය තවමත් උදාව නොමැති උනත්.. පෙර දිනකට වඩා මෙදින වඩා අඳුරැ මෙන්ම නිසල වුවා. නමුත් එහි සිටියවුන් නම් මේ නිසලබව පරයා යමින් තම තමන්ගේ කාරින්හි නිරතව සිටියා.
මැදියම් රැයෙහි නිසලබව මුලිමනින්ම උදුරා දමමින් යක් බෙර.. හඬ තාලම්පට හා මුසු වුන යකැඳුරැ යාතිකාවන්ගෙන් ඒ බිම පිරි යන්නට පටන් ගත්තා. ගොක් කොළින් ගෙත්තම් කර සැදු ආසන ඉදිරියෙන් යකැඳුරැ දුම්මල වරම් ගනිමින් යාතිකා කරද්දි ඔහුට පසෙකින් බෙර වයන්නන්.. ආවතේවකරැවන් සිටි අතර ගොක්කොළ ආසනයන්ට ඉදිරියෙන් බිම හෙලු පැඳුරක හිද සිටියේ සුදු පිරැවටයකින් හිසේ සිට පදාන්තය දක්වාම වසාගත් තරැණියකි.
" දැරිවි ගාවින් විරිය තියන දෙතුන්දෙනෙක් වාඩි වෙයල්ලා...!! කුමාරයාට ආරාධනා කරන්නයි යන්නේ...!! "
විනාඩි ගණනාවක්ම යාතිකාවේ නිතර වුන යකැඳුරැ පවසන විට තරැණියගේ මවත්... පියාත්.. වැඩිමහල් සොයුරා සමඟින් ඔහුගේ බිරියත් තරැණිය අසළින්ම වාඩි වී ඇයව රැකගැන්මට මෙන් ඇයව අල්වා ගත්තා. තරැණියගේ ලා දුඹුරැ පැහැ දිගු දෑස් ඒ වනවිටත් යොමුව තිබුනේ සාම්ප්‍රදායික වෙස් මුහුණක් ද දමා යක් ස්වරූපයට වෙස් ගත් අනෙක් යකැඳුරා වෙතටයි.
" ඕං ආවඩා ආයුබෝවේවා..... කලුකුමාර යක්ෂ දේවතා...!!! "
තවත් යාතිකා වැනුම් ගණනාවකට පසු දුම්මල ගසා ගිනි දල්වමින් යකැඳුරැ පවසන විට මෙතාක් වෙලා පොළව ගිගුම් දවමින් වේග රිද්ම තානම්වලට වැයුනු බෙර හඬෙහි වේගයත් හඬත් මදක් බාල වුනා. ඒත් සමඟම හූ හඬ නංවමින් යක් වෙස් ගත්තා තම හිස දෙපසට කරමින් තොවිල් බිම පුරා නෙතු යොමමින් ඇවිදින්නට ගත්තේ බෙර තානමට අඩිය තබමිනුයි. ඔහුගේ පා වල වුනු ගෙජ්ජි තබන අඩියක් පාසා සෙලවන විට තරැණියගේ දුඹුරැ පැහැ දෑස් බොර පාටට හැරි යන්නට ගත්තා. යක් වෙස් ගත්තාගේ අවධානය තරැණියට යොමු වූ විට තරැණිය වෙව්ලන්නට වු අතර ඇගේ මවත් පියාත් ඇයව තරයෙහි අල්වා ගත්තා.
YOU ARE READING
මලවි || MALAWI || ONGOING
Short Story" රතියට මුල් තැන දෙන මගෙන් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ..? දේවි නූර්.. " " උඹ මගේ තවත් එක් ගොදුරක් විතරයි.. රාගයෙන් මා මුසපත් කල උඹේ පෙනුමටයි මම ගිජු උනේ... ඉන් එහා කිසිම දෙයක් නැහැ..! " . . . . . . . " මලව්.. තමුන් ඇත්තටම හිත්පිත් නැති යක්ෂයෙක්...