03. ළමාතැනි

229 44 16
                                    

බෙන්තර ගංඟාවෙන් එහා පදෙසක පිහිටි සපුගස්කන්ද වලව්ව ඉතා විසල් සුන්දර භූමියක පැතිර තිබූවක්. වලව්වටම අයත්ගි වෙල්යාය අක්කර කිහිපයක් පුරා පැතිර තිබුන අතර වලව්වත් වෙල්යායත් අතර තිබුනේ ඇහැළ ගස් ඇතුලු තවත් ගස් වලින් හුදකලා වු තැනිතලා බිමකි. වලව්වෙහි අනෙක් පස වුයේ විසල් සපු ගස් වලින් පිරි ගිය තුරැ වදුලකි. වදුලට එහායින් තරමක් උස් ගල්තලාවක් තිබුන අතර ගල්තලාව කෙලවර වුයේ ඝන තුරැ වදුලකි. ගල් තලාව මධ්‍යයේ තරමක් විසල් දිය පිරැනු පොකුණක් තිබුණි. අරලිය ගස් ත්‍රිත්වයකින් වට වුන පොකු⁣ණ කුඩා මසුන්ගෙන් මෙන්ම රෝස දම් පැහැයට හුරැ ඕලු මලින් ද හැඩ වී තිබුනා.

දශක ගණනාවක සිට පැවත එන සපුගස්කන්ද වලව්වට වටිනාකමක් ඇති ඉතිහාසයක් පවතින අතර පරම්පරාවෙන් පරම්පරාවට උරැම වන විශාල ධනස්කන්ධයක් ⁣මෙන්ම ගොඩින් මඩින් වතුපිටිද අයිතිව තිබුනා. කාමර ගණනාවක්.. සාමාන්‍ය ප්‍රමාණයේ මැද මිදුලක්.. සහ දැව පොළවක් ඇතිව ඉදිව තිබුන සපුගස්කන්ද වලව්ව තේජමාන ස්වරූපයකින් දිස් වීමට එහි තිබුන මිලෙන් අධික දැව භාණ්ඩ.. ලී කැටයම්.. ඇත් දළ ඇතුළු සැරසිලි භාණ්ඩ ද හේතු වී තිබුනා. පාරම්පරික වලව්වක් වුවත් කාලයත් සමඟ එය සියලු පහසුකම් ඇති නිවහනක් බවට පත් ව තිබුනා.



" සුදු දූ.. මේ පුච්චපු සුදුලූණු ටික කන්න.. ආ.."


" ඊ...!! මට එපා.. ඒවා ගදයි..අම්මේ..."


දවස් කිහිපයක තිස්සේ වලව්වෙහි තම කාමරය තුළ⁣ටම වී සිටි දැරිවිය සිටියේ නවකතා පොතක් කියවමිනි. තම මව වුන අසලිගේ හඬට සයනය මත මුනින් අතට වැතිරි පොත කියවමින් සිටි ඇ සයනය මතින් හිදගෙන තම මවගේ අතෙහි වුන පිරිසිය දෙසට හෙලුවේ පිළිකුල්සහගත බැල්මකි.

" ගඳයි කියලා බෑ.. මේක කන්න ආච්චි අම්මා තව ටිකකින් තැම්බුම් හොදි හදන් එනකල්.. සඳලි බබා.. නූ අක්කි එක්ක පොඩ්ඩක් ඉන්න හරිද.. මං ඉක්මනට ඉස්සරහ වැඩ කරන අයට තේ එක අල්ලලා එන්නම්.. "


තම දියණියගේ පිළිකුලින් බරවුන මුහුණ වෙත අවධානය නොදි පැවසු අසලි ඈ සමඟම දැරිවියගේ කුටියට පැමිණි කුඩා සිගිත්තියව විනාඩි කිහිපයක⁣ට පමණක් ඈ අසළින් තබා කුටියෙන් පිටවුනා. කෙතරම් පිළිකුලක් දැනුනත් පුච්චා තිබුන සුදුළුනු පිරිසිය ළං කරගත් දැරිවිය එහි ⁣කලු පැහැයට හැරි තිබුන පොත්ත කොනිති ගසමින් ඉවත් කරන්න ගත්තා. රත්රන් පැහැයට හැරි තිබුන සුදුළුනු ඇය තම මුව අසළට ගෙනආවත් ඉන් ඇයට දැනුනේ දරාගත නොහැකි අපුලකි.


මලවි || MALAWI || ONGOINGWhere stories live. Discover now