නීල නයන කරකා..
මාව මඟැර බලනා..
සොබනා මුනිවත රකිනා..
හබළකි වැව සිඹිනා..
තාලෙට දිය බිඳිනා..
සොබනා මුනිවත රකිනා..එය කහ මලින් බර වුන මැයි ගස් යායක් තිබුනු තැනිතලාවකි. සරසවි භූමිය හරහා අතරින් පතර හමා ගිය සුළං රැලි නිසා ලැජ්ජාවෙන් මුකුලිත වී පිපිණු මැයි මල් පොකුරු විටින් විට හිතුමනාපෙන් තද කොළ පැහැ තණ බිම මතට පතිත උනා. ඒ සෞම්‍ය මල් කුණාටුව මැදින් උමයංගනා දින ගණනාවක් පුරාවට පුහුණුවේ යෙදුණු සරල නර්තනයෙහි යෙදුණා.
සොබනා...
ඔරුවක මල් පුරවා..
මල් කුමරුට පිටුපා ඇඳුනා..හෝරා ගණනක සිට උමයංගනා පසු පස පැමිණි ඒ කාල වර්ණ පුරුෂ ආත්මය ඈ පසුපසින්ම සිටියා. උමයංගනා තබන ලාලිත්‍යමය පියවරක් පාසාම ඔහු ඈ වටා සෙමින් සෙමින් ඇවිද ගිය අතර.. නර්තනය නිසාවෙන් උපදින ඇගේ සිරැරේ අනර්ගතම හැඩය ඔහු නිතැතින්ම තම කාල වර්ණ දෑස්වලට හසු කරගත්තා.
නෙලනා මල් දෙවැනි..
වන රුවිනා මල් කුමරී..
නොයමී... නුවරට මා නොයමි..වටිනාකම් රකිමී..
සියොළඟ මා පෙම් පුරමී..
දනිමී.. පෙර අත් බව හුරු දනිමී..තව ඉන්න හිතෙනා..
වැව් බැම්ම මත මා..
පිටවාන් දමන හැඟුමේ තනියේ..තාලයට ගැළපෙන ලෙස උමයංගනා ලාලිත්‍යයකින් තම අත් පා හසුරවිමින් කැරකෙන විට ඔහු අසළ වුන මැයි ගසෙහි අතු අතරට ගියා.
පිපුනා නම් හැඩවී..
හද විලෙහි.. පෙම් මල වී..
සුවඳයි.. කුමුදුනියේ මගෙමයි..ඉන් තත්පරයකට පසු සුවිසල් ලෙස අතු විහිදි ගිය කහ පැහැති මැයි ගසෙහි මැයි මල් වර්ෂාවක් ලෙසින් ඇද හැලෙන්නට උනා. තාලයට සරිලන ලෙසින් ඈ නර්තනයෙහි යෙදෙන විට ඔහු නිසාවෙන් හටගත් මැයි මල් වරුසාව ඈ වටා සුළඟ සමඟින් දඟ කරන්නට උනා.
YOU ARE READING
මලවි || MALAWI || ONGOING
Short Story" රතියට මුල් තැන දෙන මගෙන් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ..? දේවි නූර්.. " " උඹ මගේ තවත් එක් ගොදුරක් විතරයි.. රාගයෙන් මා මුසපත් කල උඹේ පෙනුමටයි මම ගිජු උනේ... ඉන් එහා කිසිම දෙයක් නැහැ..! " . . . . . . . " මලව්.. තමුන් ඇත්තටම හිත්පිත් නැති යක්ෂයෙක්...