දොළොස් වැනි වියෙදි මල්වර යෞවනියක් වුන උමයංගනා සැබැවින්ම රෑ සපුවෙන් ඉහළ තැනැත්තියක් වුනා. දිනෙන් දින වයසින් වැඩෙත්ම ඇගේ සිරැරේ පැහැය දීප්තිමත් ව බබළන්නට උනා. කාල වර්ණ කේෂකල්‍යාණිය සාරවත්ව දිගින් වැඩෙන්නට උනා. සිහින් කාල වර්ණ ඇහිබැමි.. දිගැටි ඇස් පිහාටු... මුහුදු වැලි පැහැ දිලෙන දෑස්.. පිරැනු නා දලු වන් දෙතොල්.. තියුණු නාසය.. සියුමැලි අත්පා.. හැඩ නිතඟ.. පුලුල් උකුළ.. නිසාවෙන් ඇයට ලැබුනේ ඇස්වසඟ කරවන සුන්දරත්වයකි. ඇගේ පිරැනු හංස යුවළට සේදයන් සමඟ තිබුනේ නොනවතින තරඟයකි. එහෙයින් ඈ වෙනුවෙන් කලින් කලින්ට රෙදි පිළි ආයිත්තම් රැගෙන දෙන්නට අසලිට සිදු උනා. සපුගස්කන්ද වලව්වේ දුවණියකට ඇඳුම් පැළඳුම්වලින් අඩුවක් නම් කිසිවිටෙකත් නොවුණි.
" ඒයි...!!! දුවන්න එපා.... ඔහොම ඉන්න.. සඳු.....!!! වැටෙයි..."
දාහතර වියැති උමයංගනා සිටියේ කුඩා සඳලිත්.. මනුල් සමඟිනුත් කෙළි සෙල්ලමක නිරත වී ගෙනයි. අවුරැදු පාසල් නිවාඩුව එළඹ තිබුන නිසා ඔවුන් සිටියේ මහත් උද්යෝගයකිනි. ගස්වැල් නැවුම් හරිතයෙන් වර්ණ ගැන්වී මලින් ඵලින් බර ව තිබුන නිසා ඒ අවටම තිබුනේ නව අවුරැදු ප්‍රීතියෙන් මත්විලයි. හිරැ මංගල්‍ය ගැන තතු කියන කොවුලන්.... නොයෙක් වර්ණ කුසුම් අතර රැඟුම් දෙන සමනලුන්.. මී මැසුන්.. පැණි රස බේරෙන ඵල අතර කෙළි දොලින් සිටින විහඟුන්.. ලේනුන්.. අතර ඔවුන් සැහැල්ලුවෙන් සෙල්ලම් කරමින් සිටියා.
" මටත් ඔන්චිල්ලාව පදින්න ඕන.. නූර්.. අක්කිඉඉ.....!! "
" හරි.. හරි.. ඔන්න මෙහෙ එන්න.."
සවිමත් ඇසළ ගසක බැදි ලී ඔන්චිල්ලාව වෙනුවෙන් සඳලි ඇවටිලි කරන විට එහි හිද ගෙන සිටි උමයංගනා ඇයව එහි ඉන්දවා පැද්දවුවා. ඇසළ ගස ලා කොළ පැහැති දලු කොළවලින් ගැවසී තිබුනත් තවමත් එහි මල් පීපි නොතිබුනා මෙන්ම.. පොහොට්ටු පවා හරිහැටි දැක ගැනීමට නොහැකි ව තිබුනා.
" නූ අක්කි අපි උඩහ.. පොකුණ බලන්න යමුකො.. ඒකේ මාලුත් ඉන්නවා.. ඕලු මලුත් තියනවා.. අපි ඕලු මල් වලින් මල්මාලයක් හදමු..."
YOU ARE READING
මලවි || MALAWI || ONGOING
Storie brevi" රතියට මුල් තැන දෙන මගෙන් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ..? දේවි නූර්.. " " උඹ මගේ තවත් එක් ගොදුරක් විතරයි.. රාගයෙන් මා මුසපත් කල උඹේ පෙනුමටයි මම ගිජු උනේ... ඉන් එහා කිසිම දෙයක් නැහැ..! " . . . . . . . " මලව්.. තමුන් ඇත්තටම හිත්පිත් නැති යක්ෂයෙක්...