වර්තමානයට.....
හිවලුන්ගේ හූ හඬ අත්බූත ලෙසින් අවට සිසාරා පැතිර යන විට රාත්‍රියේ රජයන වන සතුන්ගේ ඇතැම් හැඬලීම්ද එහි ඇසෙන්නට තිබුනා.
ඒ සියල්ල පරයා යමින් ඇසෙන යාතිකා හඬ මෙන්ම යක් බෙර වාදනයන් නිසා මලවිගේ සිරුර පුරා ඉදිකටු තුඩුවලින් කොනිති ගහන්නාක් මෙන් වී තිබුනා.
බැලු බැලු තැන දල්වා තිබුන විලක්කු පහන් එළි.. වල රශ්මිය වුයේ ඔහුගේ කාල වර්ණ දෑස් තුලයි. ඒ නිසාවෙන් ඔහුගේ දෑස් මත රක්ත ගිනි සිලි දැල්වි තිබුනා.
ප්‍රධාන යකඳුරුගේ නොනවතින යාතිකාව.. යකු බෙර වැයුම නිසා විලක්කු වී ඇති සිත දමනය කරගනමින් සිටි ඔහුගේ දෑස් එක්තැන්ව තිබුනේ වලව් මිදුගෙහි වු පැඳුරෙහි තම පවුලේ අය සමඟ මැද වී සිටින තම ළමාතැනි අසළයි.
" කුමරුනි ඈව අත්හරිනු....!! "
" ඈව නිදහස් කරනු.. යක්ෂ දේවතාවුනි...!! "
" දැරිවි අතඇරලා යමන්...!!!! "
වායුව සිසිරා යන ගිනිදැල් අතරින් යකඳුරැගේ හඬ වඩ වඩාත් තෘව්‍රව ඇසෙන්නට ගත්තත් කාල වර්ණ පුරැෂාත්මයගේ සවන් වලට ඉන් කිසිඳු බලපෑමක් වී නොතිබුනු සේයාවකි.
යක් වෙස් ගත් මනුෂ්‍ය ප්‍රාණියාගේ සිරුර නතු කරගෙන සිටි ඔහු යකඳුරන්.. බෙර වැයුම්.. විලක්කු පහන් මධ්‍යයට වි සිට ගෙනත් උමයංගනා දෙසම ගෙල හරවමින් බලා සිටියා. නමුත් ඔහුගේ අවධානය බිදි යන හඬක් එකවරම ඔහුට අහස් කුස දෙසින් ගලා ආවා.
" ඈව අතඇරපන්.... මලවි.....!!!!! "
" ඈ.. යක්ෂ ලොවට අයත් එකියක් නෙමෙයි...!! ඈ අයිති...."
" මට...!! උඹ මොකා උනත්.. ඒකි මගේ....!!! "
තම ආත්මය ගැඹුරින් කැලති ආ ගින්න පිට කරමින් ඔහු කෑ ගසන්නට උනා. නමුත් එය දෘශ්‍යමාන වුයේ එකවරම පැඳුරින් නැගිට කේවල කරමින්...සිනාසෙමින් කෑ... ගසන උමයංගනාගෙනි.
වෙස් ගත් මනුෂ්‍ය ප්‍රාණියා එක තැන අඩි ගසමින්.. උරහිස් ගසමින් හිස වනන්නට උනු අතර... මලවි තම ආත්මයෙහි වුන ශක්තිය හසුරුවන්නට ගත්තා.
YOU ARE READING
මලවි || MALAWI || ONGOING
Short Story" රතියට මුල් තැන දෙන මගෙන් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ..? දේවි නූර්.. " " උඹ මගේ තවත් එක් ගොදුරක් විතරයි.. රාගයෙන් මා මුසපත් කල උඹේ පෙනුමටයි මම ගිජු උනේ... ඉන් එහා කිසිම දෙයක් නැහැ..! " . . . . . . . " මලව්.. තමුන් ඇත්තටම හිත්පිත් නැති යක්ෂයෙක්...