02. කුමාර බැල්ම

312 41 15
                                    


අතීතයේ දවසකට...

නිරිත දිග මෝසමට මත්තෙන් සබරගමුව... දකුණ.. වැනි පෙදෙස් යල කන්නයට ලෑස්ති වන්නේ මෝසමේ දරැණුවට පෙරම අස්වැනු නෙලා ගැනීමේ අටියෙන්. වී කරලින් බර වුනු ගොයම් කපාගත් පසුව ඉතිරි වන ඉපනැල්ල බැස යන්නට ලක ලෑස්තිව තිබු සූර්යයා නිසාවෙන් මලානික රන් පැහැයකින් දිලෙන්ට වුනා. අස්වැනු නෙලු ගොයමේ ආවේනික සුවඳ කුඹුරැ බිම පුරා පැතිරි ගොස් තිබුනු අතර සුවදායි ඉපනැලි බිමෙහි හෙවනැල්ලක වැතිරි සිටි කාල වර්ණ පුරැෂයා වසා සිටි තම දෑස් එකවරම විවර කලේ නාස් පුඩු අගට දැනුන නවමු රක්ත කුයිලය නිසාවෙනි.




" ම්මම මල්වර එකියක්...!! "




කාල වර්ණ පුරැෂයාගේ දෑස් රක්ත පැහැයෙන් දිලෙන්නට වූ අතර ඉපනැල්ලෙහි තැනින් තැන වුන සෙවනැලි වල සැඟව ගෙන ඔහු රක්ත කුයිලය පසුපස ඇදි ගියා. කුඹුරැ යායෙහි දොළ පහර ආසන්නයෙහි ඉපනැල්ල මත කෙලි සෙල්ලම් කරමින් සිටියේ වයස අවුරැදු දොළහක පමණ වයසැති කුඩා දැරිවියක් සහ ඈට වයසින් බාල කුඩා පිරිමි දරැවකු සහ තවත් ගැහැණු බට්ටිතියකි. පුරැෂයාගේ රක්ත වර්ණ දෑස්... කහ පැහැති පසුබිමක රක්ත වර්ණෙන් මල් රටා ගිය කෙටි ගවුමක් හැද සිටි කුඩා දැරිවිය ගාවින් නතර වී තිබුන අතර මිනිස් ඇසට නොපෙනන මේ පුරැෂයාගේ දෙතොල් අතරට ⁣සිහින් සිනහවක් නැගි තිබුනා.



දැරිවිය අසළට ගෑවි නොගෑවි යන ලෙසින් ළං වුන පුරැෂයා ඈ අසළින් වහනය වන රක්ත කුයිලය තම නාස් අතරින් පපු කුහරයට කා වද්දාගෙන ගැඹුරින් සුසුම් ගත්තා. ඒ සියුම් ස්පර්ශය යන්තමින් දැනුනාක් මෙන් දැරිවිය තම ගවුම් කරත් උරහිසත් කුඩා දෑතින් පිසදා ගත්තා.


" අයියො...!! මනුල්... කොහෙන්ද මේ මඩ තලියක් ගාගත්තේ.. ඔයාව වැටුනද..? "

" නූ අක්කි.. මනුල්ව නියලේ ඩෝං ගාලා... වැතුනා...!! "



දැරිවිය කුඩා පිරිමි දරැවා එහා මෙහා හරවමින් පවසන විට ඔවුන් අසළම දැවටි සිටි කුඩා සිගිත්තිය සිනාසෙමින් පවසන්න⁣ට උනා.


" නූර් අක්කි දැං ඉතින් දොළට බහින්නම වෙනවා නේද...? "

" ඒක...තමා යේඑ.. යේඒ..."

මලවි || MALAWI || ONGOINGWhere stories live. Discover now