07. දෙහි කැපිල්ල

193 37 33
                                    



උඩරට පහතරට සබරගමු නර්තන සම්‍ප්‍රදායන්හි පායිම්පත් තැබීම් මංගල්‍යය දැරවියක් මල්වර වනවා හා සමාන චාරිත්‍ර විදිවලින් සම්පූර්ණ වූවකි. වෙස් තැබීම පිරිමි පාර්ශවයටත්.. පායිම්පත් තැබීම කාන්තාවන් සඳහාත් වෙන්වුවකි.

තුන් මසක් දෙවියන්ට පේවී.. ශිල්ප හදාරා අවසන් වූ පසුව මෙම උත්සව නිසියාකාර වැඩිහිටි බලවතෙකුගේ අනුදැනුම් ආශිර්වාදය මධ්‍යයේ සිදු කරන්නකි. ශිල්ප ලැබු නර්තන ශිල්පිනියන් නැකතකට අනුව නහවා.. දෙවියන් උදේසා කැවිලි නැවුම් පලතුරැ වලින් බාරහාර ව.. පුදපුජා කොට නියම මුහුතර්ථයකදි නර්තන ශිල්පිනියන්ගේ හිසෙහි හිස් පළඳනාත්.. පයට සිලම්බුත් පලඳවයි. ඇඳුම් කට්ටල සහ රංගාභරණවලින්ද සැරසුන පසුව ඇඳුරැ වැඩිහිටි ආශිර්වාද මධ්‍යයේ ⁣නර්තන දස්කම් පෑම එහිදි සුවිශේෂ ය. උමයංගනා ඇතුලු ඇගේ නර්තන සගයින්ගේ පායිම්පත් මංගල්‍ය සියලු කටයුතු පැවැත්වීමට යෙදුණේ විහාරස්ථාන භූමියේදී යි.


උමයංගනා ඇතුලු ඇගේ නර්තන සහචාරිකාවන්ට ද ඔවුන්ගේ එම පායිම්පත් තැබීමේ මංගල්‍යය එලෙසින්ම නිවැරදි වතාවත් වලට අනුකූලව සිදුවින. නමුත් දේව මල් ආසනය අසළදි එහි සිටි තරැණියන්ගේ වස්දොස් යෑවීමට කල දෙහි කැපීම් චාරිත්‍රයේදි යම් වෙනසක් සිදුවිය. කාණ්ඩායමෙහි සිටි බාලම තැනැත්තිය ලෙස අවසන් ලෙස උමයංගනාගේ හිස මත තබා දෙහි කැපීමේදි ප්‍රධාන දේවආචාරියාට ඉන් අමුත්තක් දැනුන. ඇගේ හිස මත තැබු දෙහි ගෙඩිය ගිරය මතින් තබා කැපීමේදි එය වඩාත් සිර වුන අතර දෙහි ගෙඩිය කපා දැමීමෙන් පසුව එහි දෙකඩ වුන කොටස් දෙක ජලයෙහි නොගිලි පාවෙන්නට උනා. දෙවියන් ඉදිරියෙහි සිටි ඇගේ වත තවමත් සුදු පිරැවටයෙන් වැසි තිබුන නිසා දේවාචාරියා ඈ දෙස තත්පර කිහිපයක් බලා හිද ස්තෝත්‍ර මන්ත්‍ර මුමුණමින් නැවතත් ඇගේ හිස මත තබා දෙහි කපන්නට පටන් ගත්තා. ඈ වෙනුවෙන් දෙකඩ කල නව වෙනි දෙහි ගෙඩියත් පතුලට බැස නැවතත් දිය මැදකට පැමිණ පාවෙන්නට ගත් හෙයින් ඔහු තවදුරටත් දෙහි කැපීම නවතා.. දෙවියන් ඉදිරියේ ඈ හට කන්නලව් කල ඇගේ හිසේ සිට දමා තිබුන සුදු පිරැවටය ඉවත් කලා.





මලවි || MALAWI || ONGOINGWhere stories live. Discover now