" අහකට යන්න අයියේ...!! මාව අල්ලන්න එපා...!! "
" උමා... බබා.. ප්ලීස් මං කියන දේ අහන්නකො.... උමා..!! "
" මට කිසිම දෙයක් අහන්න ඕන නැ..!! මට මගේ පාඩුවේ ඉන්න දීලා.. ඔයත් ඔයාට ඕන විදියකට ඉන්න... ෆෑන්ටා බෝතල් බොන්න බැරි නම්.. ගිලගන්නවා...!! "
ඒ අහිමිරි සිද්ධියෙන් දවස් ගානකට පස්සෙත්.. අභිරු එයාගේ නිර්දෝෂි බව ඔප්පු කරන්න ඔය විදියට උමයංගනා ඉස්සරහා බෑගපත් උනා. අදට හරියටම.. සතියක්.. උමයංගනා අභිරු ආදර කතාවට සදහටම තිතක් වැටිලා. ඒක වැටුනු තිතක් නෙමෙයි.. උමයංගනාම තියපු නැවතුමක්.
පිටතින් බලද්දි.. රොබරෝසියා වැටුනු පාලම කිට්ටුව හිටියේ උමයංගනා වගේම අභිරු විතරක් උනත්.. තරමක් උස පාලම් අත් වැටට බර වෙලා.. ඉදගෙන හිටපු කෙනෙක් හිටියා. සුපුරුදු විදියටම.. ගෙවුනු දවස් ගානෙම.. ඒ පුරුෂයා හිටියේ උමයංගනා පස්සෙන්මයි. දැන් වෙද්දි ඔහු හිටියේ.. කුට්ටි ගැහුනු අත් ගොබ හරහට හිටින විදියට බැදගෙන.. ශක්තිමත් කකුල්.. දණ්ඩක් විදියට දරදඬු විදියට දික් කරගෙනයි. ඔහුගේ මුවඟ රැදිලා තිබුනේ නක්කල් හිනාවක්.
" මැණික...! අනේ... අහන්නකො.. මට.. මට මේ වතාවට විතරක් සමාව දෙන්න.. උමා.. ප්ලීස්.. ආය කවදාවත්ම.. මගේ අතින් මේ වැරැද්ද වෙන්නැ...."
" ච්හ්හැ... හරිම විගඩමක් උනා නේ.. මේක.."
" සමාව දෙන්න පුලුවන් වරදක් නෙමෙයි අයියේ.. ඔයා මට කලේ.. සමාව දෙන්න පුලුවන් නම්...මම සමාව දෙනවා.. මොකද ඔයා වගෙ නෙමෙයි.. මම.. මම ඔයාට ඇත්තටමයි ආදරේ කලේ...!! යු බ්‍රෝක් මී...!! ඇන්ඩ් ඉට් කාන්ට් බී ෆික්ස්ඩ්...!! "
" මුන් මේ දෙබස් කලින් ඉදන් කට පාඩම් කරන් කියනවා වෙන්න බැරිද.. මකරන්ධ..."
ඔහු අසළින්ම හිටියේ කලු පාට හොදින් වැඩුනු සුනඛයෙක්. කාල වර්ණ ආත්මය එහි අදෘශ්‍යමාන වුනත්.. ඒ සුනඛයා ආදරවන්තයින් දෙන්නෙක්ගේ නැවත නැවත කිහිපවරක්ම සිද්ධ වුන සහ වෙමින් පවතින වෙන්වීමේ විරහා සටනක් දිහා බලන කිසිම උවමනාවක් නැතුව බලන් හිටියේ. හරියට.. මේක මොන තරම් කම්මැලිද වගේ බැල්මක්.. ඒක... අනික් අතට ඔහු හිටියේ පිළිකුල් හැඟීමකින් මේ දිහා බලාගෙන. ඒ අතරේ ඔහු කෙරෙන් නොරිස්සුමකුත් ඇතිවෙන්න පටන් අරන් තිබුනේ.
YOU ARE READING
මලවි || MALAWI || ONGOING
Short Story" රතියට මුල් තැන දෙන මගෙන් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ..? දේවි නූර්.. " " උඹ මගේ තවත් එක් ගොදුරක් විතරයි.. රාගයෙන් මා මුසපත් කල උඹේ පෙනුමටයි මම ගිජු උනේ... ඉන් එහා කිසිම දෙයක් නැහැ..! " . . . . . . . " මලව්.. තමුන් ඇත්තටම හිත්පිත් නැති යක්ෂයෙක්...