" උමයංගනා...!!! "
" උමයංගනා...!!! "
අසලිගේ හඬ වලව්ව වත්ත පුරා දෝංකාර දෙන්නට උනේ විනාඩි කිහිපයකට සිටමයි. වලව්ව පුරා සෑම කාමරයකමත් සොයා නැති වන විට.. අසලි ප්‍රධාන උලුවස්සෙන් මිදුලට පැමිණියේ තරමක නොරිස්සුමක් මුහුණේ රදවගෙනමයි.
" කොහෙ අස්සක ගිහින්ද මන්දා... උමයංගනා.....!! "
" ඇයි අම්මේ..."
" ච්හ් බලන්නකො.. පුතා.. මේ කෙල්ල කොහෙ ගිහින්ද මන්දා.. මේ ගිනි මද්දහනේ... දැන් දොළහත් පහුවෙලා.. "
අසලිගේ හඬට පිළිතුරු දුන්නේ උමයංගනාගේ වැඩිමල් සොයුරු වුනු නුවේද්. ඔවුන්ට අයත් පොල් ඉඩම්වල.. පොල් අස්වනුවල ගනුදෙනු හිලව් කරමින් සිටි නුවේද් එහි සිටි ගනුදෙනුකරුවන්ගෙන් සමුගෙන.. තම මව වෙත පැමිණියා.
" ගල්තලාව උඩ ඇති.. පොකුණේ කකුල් ඔබන්.. ඉන්න මම බලන්න.."
" අනේ මන්දා.. තනිපංගලමේ ඔය අසුවල රිංගන්න එපා කිව්වට අහනවද..!! පුදුම මුරණ්ඩුකමක් නේ.. පන්සලේ හාමුදුරුවොන්ට කියලා නූලක්වත් දමවන්න ඕන..."
" අපෝ අම්මාත් දැන් අත්තම්මා කරපු ඒවාම.. කරන්න හදනවා නේ... ඕවා හිතේ තියන මනස්ගාත.."
නුවේද් පැවසුවේ මීට වසර දෙකකට පෙර ඔවුන් අතරින් සමුගත් තම මිත්තණියත් සිහි කරන ගමන්මයි.
" මනස්ගාත..උඹලට.. උමයංගනාට මගුලක් තියා කොල්ලෙක් පෙන්නන්නත් බැරි වෙලා.. තියන්නේ...."
" අර කාලකන්නියාගෙන් බුටක් සෙට් උන නිසා... "
" නුවේද් ඒ දරුවා..."
" අනේ අම්මේ මේ ඔයාලා මුල ඉදන් උට කැමති වෙලා හිටියට.. මට නම් ඌව පෙන්නන්න බැරැව හිටියේ.. කැම්පස් ගිහින් ටික කාලයයි.. නංගිත් උට මැරෙන්න හදපු නිසයි.. මම කැමති උනෙ.. අප්පච්චිත් කැමති උන නිසා.. මුකුත් කියාගන්න බැරුව මම හිටියේ.. ඒ මගුල කැඩිච්ච එකම තමා හොද...!! උට බූටක් තියන්න නංගිට ගට ආව එකමයි හොද...!! "
" ඒකියලත් දැන් කොච්චරකල් ද පුතේ.. විසිපහත් පැන්නා... නංගිව හැමදාම ඔහොම තනිකරන්නැ...!!! "
YOU ARE READING
මලවි || MALAWI || ONGOING
Short Story" රතියට මුල් තැන දෙන මගෙන් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ..? දේවි නූර්.. " " උඹ මගේ තවත් එක් ගොදුරක් විතරයි.. රාගයෙන් මා මුසපත් කල උඹේ පෙනුමටයි මම ගිජු උනේ... ඉන් එහා කිසිම දෙයක් නැහැ..! " . . . . . . . " මලව්.. තමුන් ඇත්තටම හිත්පිත් නැති යක්ෂයෙක්...