06. ග්‍රීස් යකා

214 39 36
                                    




තරිකිට තත්… දිරිකිට තත්…
ගුදිත ගතත් දොං ~
ගදිත ගතත් දොං ~
දොංතග දිත ගත
ගඳිතක දිකුදක දොං….

" හරි එහෙනම් දරැවනේ නමස්කාරය කරලා යන්න පාන්දරම පන්සලට එන්න වෙලාවටම..."

විසල් පන්සල් වත්ත කෙලවරක වුන වැලිබිමෙහි මේතාක් පැය ගණනක සිට ඇසුන බෙර තානම් ඒ මොහොතේ නතර ව ගියා. බෙර තාලම් තාලයට රංගනයෙහි යෙදුණු තරැණ ගැටිත්තියන් පොකුර නමස්කාර ආචාරය කොට ඔවුන්ගේ ගුරැතුමියට වැද ඈ ඉදිරියේ සිටි ගත් විට ඇය තරැණියන්ට තවත් උපදෙස් ලබාදුන්නා. අත් බෝරිච්චි පාට පාට ගවුම් වලට යටින් වුන කලු දිගු කලිසම් ඔවුන්ගේ දෙපා ආවරණය කෙරැයෙන් ඔවුන් නර්තනයෙහි යෙදෙන තරැණියන්ම වග පසක් කලා. තනි කරලට ගෙතු කොන්ඩ... හැඩ ඉගපසඟින් ඒ බව තවත් පෙන්නුම් කලා.









" උමයංගනා.. වලව්වේ ලොකු මැණිකේ..ත් එනවද හෙට..."




" ආච්චිට ඇවිදින්නත් අමාරැයි මිස්.. ඒත් ඒවි මං හිතන්නේ.. අම්මටත් වඩා මම නටනව⁣ට කැමති ආච්චි නේ.."



" එහෙනම් ලොකු මැණිකෙට කියලා.. මුල් චාරිත්‍ර ටිකත් කරගන්න පුලුවන්.. මම පායිම්පත් තියද්දිත්.. ලොකු මැණිකේ ආවා නේ.. එතකොට ලොකු හාමුත් හිටියා.. අපේ අම්මත් ළඟදි හාමුව මතක් කලා.. "


" සීයප්පච්චි නැති වෙලා දැන් අවුරැද්දකටත් වැඩි නේ.. මිස්..."

" ම්මම ඒක තමයි.. ජීවිත ඉතින් ඔහොම තමයි දරැවෝ... අපි උනත් කොයිවෙලේ මැරෙයිද කියලා කවුද දන්නේ.. ඉන්න ටික කාලේ හොඳ විදියට ජීවත් උනා නම් හරි..⁣ ලොකු හාමු කියන්නේ ඒ අතින් හොදම මනුස්සයෙක්.. ඒක නෙමෙයි.. මොනවද දැන් ඒලවල් වලට කරන්නේ..? "


" ආට් තමයි මිස්.. මම ඩාන්සින් එක්ක ලොජිකුයි... සිංහලයි කරන්න ආසයි.. "


" හනේ කොච්චර දෙයක් ද.. මං ඒත් හිතුවේ උමයංගනාට ඒ නවයක් තියන නිසා.. සයන්ස්වත් කරයි ද කියලා.."



" එහෙම නෑ...මිස් මං නැටුම්වලට නේ ආස.. අප්පච්චිත් කිව්වේ කැමති විෂයක් කරන්න කියලා..... අයියා.. මැත්ස් කල නිසා.. මං නම් කෝමත් සයන්ස් සබ්ජක්ට් එකක් කරන්නෑමයි කියලා හිටියේ.... එයාගේ පොත් දකිද්දිත් මගේ ඔලුව විකාර වෙනවා..... "



මලවි || MALAWI || ONGOINGWhere stories live. Discover now