Teayoon's pov 🤍
හියුන් එක්ක ජන්කුක් ගැන කතාකරලා සතියක් විතර ගෙවුනා.. හැමවෙලේම කල්පනා කරන, තනියෙන්ම ඉන්න හදන හියුන්ගේ හිත මං පුලුවන් විදියට හැදුවා.. මං බිස්නස් වැඩ වලට පවා සම්බන්ද උනේ හියුන්ට නිදහසක් දෙන්න..
.
.
.එදා අපේ ඔම්මගෙයි අප්පගෙයි වෙඩින් ඇනවසරි එක..මායි හියුනුයි එකතු වෙලා එයාලට සප්‍රයිස් පාර්ටි එකක් ඇරේන්ජ් කලා.. හියුන් උනත් ජන්කුක්ගේ ප්‍රශ්නේ අමතක කරලා දාලා පාර්ටි එකේ වැඩ වලට උදව් උනා.. ඔක්කෝම ලෑස්ති කරලා ඉවර උනාට පස්සේ මං ගියා ඔම්මාලාට තෑගි අරන් එන්න.. එනකොට හියුන් පේන්න හිටියේ නැති නිසා මං පොඩ්ඩක් බැලුවා.. එයා හිටියා සෝෆා එකේ හාන්සි වෙලා.. හියුන්ට මහන්සි පාටයි.
🤍 හියුන්...🙂
💚 ඔහ්.. ටේයා.. ඔයා ආවද😊 ඔක්කෝම ගත්තානේ😕
🤍 ඔව් හියුන් ගත්තා.. ඒක නෙවෙයි හියුන්.. ඔයා අසනීපෙන්ද😕
💚 ඔලුව ටිකක් රිදෙනවා ටේයා🙂
🤍 හියුන් ගිහින් ටිකක් රෙස්ට් කරන්න මං ඉතුරු වැඩ ටික බලන්නම්..
💚 එච්චර අමාරුවක් නැහැ ටේයා.. යමු ඉතුරු වැඩ ටිකක් ඉවර කරලා අපිත් ගිහින් ලෑස්ති වෙමු😊
හියුන් එහෙම කිව්වාම මාත් ඉතුරු වැඩ ටික ඉවර කරලා ලෑස්ති වෙන්න ගියා.. මොනා කිව්වත් හියුන්ට ගොඩක් අමාරුයි කියන එක මට තේරුනා.. 😪 මේ වැඩ ඉවර වෙලා හියුන්ව ඩොක්ටර් කෙනෙක් ලගට අරන් යනවා..
At party time 🎊️
පාටි එකට අප්පාලාගේ බිස්නස් එකට සම්බන්ද යාලුවෝ ගොඩක් ඇවිත් හිටියා.. එයාලා හැමෝම හොදට එන්ජෝයි කරනවා.. ඒත් මෙතන කෙනෙක් අඩුයි.. හියුන්.. මං හැමතැනම හොයලත් හියුන් නැහැ නේ 😕 අමාරු නිසා ආයෙ කාමරේට ගියාද දන්නේ.. ඉතින් මං ගිහින් බැලුවා..
🤍 හියුන් කෝ ඔයා😕
කාමරේ කවුරුත් පේන්න හිටියේ නැති නිසා මං කතා කලා. එතකොට මට බාත්රූම් එකෙන් සද්දය ඇහුනා. අනිවාර්යයෙන් හියුන් තමා.. මං එබිලා බැලුවා.. " හියුන් 😨 " මට නිකන්ම කිය උනා.. හියුන් මගේ දිහා ඇස් වල කදුලු පුරවන් බලන් හිටියා.. ඒ ඇස් වලින් මං මේ වෙලාවේ ලොකු බයක් දැක්කා😢
YOU ARE READING
𝕃𝕠𝕤𝕥 𝕃𝕠𝕧𝕖🕊️🌹(Completed)
Fanfictionදෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත... තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න... කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම... උත්සහය ඇත් නොහැර ආදරය වෙනුවෙන් සටන් කරන්න... එවිට වනු ඇති ඔබේ කතාව මෙලොව සුන්දරම කතාව... ජන්කුක්ගෙන්.... ඔබට.....💐 ℍ𝔸ℕ𝔸ℍ�...