Episode 04

53 13 4
                                    


ජන්කුක් රස්සාවක් කරනවට මුලින් එයාගේ දෙමව්පියෝ අකමැති උනා. මොකද ජන්කුක් කියන්නේ එයාලගේ එකම දරුවා. එයාලට ජන්කුක්ව කවදාවත් බරක් උනේ නැහැ. පුන්චි කාලේ ඉදන්ම ජන්කුක්ට ඕන කරන දේවල් හැම එකක්ම එයාට එයාගේ ඔම්මයි අප්පයි දුන්නා. හරිම ආදරෙන් තමා එයාව බලා ගත්තේ. ඉතින් එයාලා කැමති උනේ නැහැ ජන්කුක් ජොබ් එකක් හින්දා මහන්සි වෙනවට.

ඉතින් ඒ නිසාමයි ජන්කුක් ජොබ්වලට හොරෙන්ම ඇප්ලයි කලේ. ඉන්ටවිව් ගියේ. බලාපොරොත්තු අත් හැර ගත්ත ජන්කුක්ගේ බලාපොරොත්තු ආයේ අලුත් උනේ ඇවිත් තිබ්බ ලියුම දැක්කාමයි. ඒකේ තිබ්බේ එයාව ජොබ් එකට තෝර ගත්තා කියලා. ජන්කුක්ගේ ඔම්මා අප්පා උනත් ජන්කුක් ගැන ගොඩක් ආඩම්බර උනේ එයාව ඒ තරම් ලොකු කම්පැනි එකකින් වැඩට තෝරන් තිබ්බ නිසා. ඉතින් එයාලත් ජන්කුක්ට කැමැත්ත දුන්නා ජොබ් එකට යන්න.

🅝🅔🅧🅣 🅓🅐🅨 🅜🅞🅡🅝🅘🅝🅖

උදෙන්ම ජන්කුක් ගියේ ජිමින්ව හොයාගෙන. ඒ එයා හෙට යන අලුත් ජොබ් එක ගැන ජිමින්ට කියන්න

💜️  ජිමිනා.......🤗

💛  ඕ... මොකෝ මේ උදේ පාන්දර කෑ ගහන්නේ😕

💜️  මේ බලහන්කෝ😊

ජන්කුක් අර ලියුම ජිමින්ටත් දුන්නා. ඒක කියවපු ජිමින්ගේත් ඇස් සතුටින් දිලිසුනා. ඒ තමන්ගේ යාලුවා ගැන ඇති උන ආඩම්බරේට. ලියුම කියවලා ඉවර කරපු ගමන් ජිමින් ජන්කුක්ව බදා ගත්තා.

💛 අනේ බන් මට හරි සතුටුයි උබ ගැන🤗 මං කිව්වනේ උබට මේ ජොබ් එක හම්බෙනවාමයි කියලා😊

සතුට බෙදන් ඉවර වෙලා එයාලා ආයේ කැෆේ එකේ වැඩ පටන් ගත්තා. අද තමා ජන්කුක් කැෆේ එකේ වැඩ කරන අන්තිම දවස. හෙට ඉදන් එයා ලොකු කම්පැනි එකක හොද ජොබ් එකක් කරන්නේ😊 ඉතින් ඉස්සරහට එයාට ගොඩක් වැඩ වැඩි වෙයි ඒක නිසා එයා අද දවසම ජිමින් එක්ක ඉන්න තීරනේ කලා. ජිමිනුත් ඒකට කැමති උනා.

🅐🅣 🅔🅥🅔🅝🅘🅝🅖 

දෙන්නාම වැඩ ඉවර වෙලා ගියේ එයාලා වෙනෙදට යන තැනටමයි. දෙන්නා හොදට කාලා බීලා විනෝද උනා. දෙන්නම හිතුවේ ආයේ කවදා මෙහෙම එන්න පුලුවන් වෙයිද කියලා😪 දන්නේම නැතුව රෑ උනා. ඉතින් දෙන්නම ගෙදර යන්න පටන් ගත්තා.

𝕃𝕠𝕤𝕥 𝕃𝕠𝕧𝕖🕊️🌹(Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang